ඇමෙරිකාවේ 40 වෙනි ජනාධිපති රොනල්ඩ් රේගන් ඝාතනයට තැත් කළ පුද්ගලයා ප්‍රතිකාර ලබමින් සිටි මානසික රෝහලෙන් සම්පුර්ණයෙන් නිදහස් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඇමෙරිකාවේ 1981-1989 කාලයේදී එරට ජනාධිපති වූ රොනල්ඩ් රේගන් වෙඩි තබා ඝාතනය කිරීමට උත්සහ කල ජෝන් හින්ක්ලි අත්අඩංගුවට ගැනුනත් ඔහු මානසික රෝගයකින් පෙළෙමින් සිටි බවට අනාවරණය විය. එම හේතුවෙන් උසාවිය ඔහුව වරදකරු ලෙස නම් නොකර වොෂින්ටනයේ මානසික වෛද්‍ය රෝහලක ප්‍රතිකාර සදහා යොමු කළේය.

1981දී රේගන් ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් සති කිහිපයකට පසු වොෂින්ටනයේ හෝටලයක් අසලදී සිදුවූ එම වෙඩි තැබීමෙන් රේගන් සහ තුන් දෙනෙකු තුවාල ලැබිය.එම වෙඩි තැබීමෙන් වසර 35කට පසු ලබන අහෝස්තු 05 වෙනිදා ඔහු නිදහස් කෙරුණ බව වාර්තා වෙයි..එම වෙඩි තැබීමෙන් හිසට බරපතල ලෙස තුවාල ලැබූ ජනාධිපති ලේකම්වරයෙකුට තම ජිවිතයම රෝද පුටුවක ගත කිරීමට සිදුවිය