2030 වසර වන විට සඳ මත මිනිස් ජනාවාස ඇතිකිරීමට රුසියාව සැරැසේ.
රුසියා රජය සකස් කර ඇති වැඩපිළිවෙළක පියවර තුනකින් සඳ ජයගැනීම දැක්වෙන අතර ඉදිරි වසර 20 -30 අතර කාලයේදී සඳ මත ජනාවාස ඇතිකිරීම ඔවුන්ගේ ඉලක්කයයි.
ලොව අනෙක් රටවල් සඳට අයිතිවාසිකම් කීමට ප‍්‍රථමයෙන් රුසියාව ඉක්මන් විය යුතුව ඇතැයිද එම වැඩපිළිවෙලේ වන යෝජනා වලින් ඉස්මතු කෙරී තිබේ.
සඳ ගවේෂණ කටයුතු වලදී අන්තර්ජාතික සහය අත්‍යාවශ්‍ය වන ඇති මුත් සෑම විටම රුසියාව තම ස්වාධිනත්වය පවත්වාගත යුතුයැයිද එහි දැක්වේ.
දැනට චීනය,ජපානය හා ඉන්දියාව එළැඹෙන වසර කිහිපයේදී සඳ ගවේෂණයේ යෙදීමට සූදානමින් සිටින්නේයැයි නිවේදනය කර තිබේ.දැනටමත් ‘‘කියුරියොසිටි‘‘ නම් රොබෝ රෝවරයක් සඳ මතට යවා ඇති චීනය සද ගවේෂණ කටයුතු සදහා මුල් පියවර තබා අවසන්ය.
පියවර 3 කින් සිදු වනු ඇති රුසියාවේ සඳ ගවේෂණ හා සඳ මත ජනාවාස තැනීමේ වැඩපිළිවෙළ2016 වසරේදී සඳ මතට යැවීමට නියමිතව ඇති රොබෝ රෝවරයකින් ආරම්භ වනු ඇතැයි සදහන්ය.
දෙවන පියවර ලෙස 2028 වසරේදී මිනිසුන් සහිත අභ්‍යාවකාශ ගවේෂක යානයක් සද මතට ගොඩබැස්වීමත් තෙවැනි පියවර ලෙස 2030 වසරේදී සඳ මත කඳවුරක් ගොඩනැගීමත් අනතුරුව පෘථිවිය හා අභ්‍යාවකාශ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් ගොඩනැගීමත් ලෙස වැඩපිළිවෙළ කි‍්‍රයාවට නැංවීමට සැළසුම් කර ඇත.
වර්තමානයේ ඇමරිකාවේ සියලූ අභ්‍යාවකාශ ගවේෂණ කටයුතු හා ඒ සම්බන්ධයෙන් වන පර්යේෂණ කටයුතු අගහරු ග‍්‍රහයා ඉලක්ක කර සිදුවන බැවින් රුසියාවට චන්ද්‍රයා කරා යාමට මාර්ගය සම්පූර්ණයෙන්ම විවෘතය.
සඳ මතට ගගනගාමියෙකු අවසන් වරට ගොඩබැස ඇත්තේ 1976 වසරේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර "හඳෙන් හාල් ගෙන එනවා" කියලා මැයි පෙළපාලි වල කියපු කතාව හැබෑ වෙයි වගේ. (නි)
අපිටත් යන්න බැරියෑ එහෙනම් (නි)
සඳට පිස්සු නැත. අර ගුවන් යානයට මොකද වුනේ? (ස)
සංචාරකයෝ වැඩියෙන් ගෙන්වා ගන්න ක්‍රම සොයන්න ලංකාවේ සංචාරක මණ්ඩලයේ ඇත්තන්ගෙන් අදහස් විමසනවලු. මම හිතන්නේ එයාලට හොද වැටුපකට එහාට ගේනවා ගනීවි! (අ)
මැලේසියා ගුවන් යානයට වුණ දේ තාම හොයනවා නේද ? (ස)
එතකොට අර කිව්ව හාල් ගෙනත් දෙයි. (ස)
අපේ ලංකාවේ කොටසකුත් මේකෙන් ගෙවල් ඇනවුම කරලා ඇති දැනටම. ම . චන්ද්‍රයා මත බැංකු ගිණුම් දමන්නත් කොටසක් කාලයක් බලන් සිටියා. ස්විස් බැංකු ෂුවර් නැහැ කියා.(නදී)
ලංකාවේ මහත්වරු දැනටමත් හොර ඔප්පු හදන්න සුදානම් වෙනවා ඇති පිස්සු හැදෙන සඳ (දී)
මොනවා කලත් මේ කට්ටිය හඳේ හාවාගේ පින්තුරේ පරිස්සම් කරගෙන සඳ මත මොනවා කලත් කමක් නැහැ . ඉදල හිටලා 550 ජාතකය අහල හඳේ හාවා පෙන්වන්න පුළුවන් (දී)
ගෙදර ඉන්න මීයා අල්ලා ගන්න බෑ කෑලේ ඉන්න අලි අල්ලන්න යනවා රුසියාවෙ ගොඩක් තරුණ තරුණියෝ පාලම් යට ජීවත් වෙන්නේ (ස)