පෘථිවියට සමාන තවත් ග්‍රහලොවක් සොයා ගැනීමට ඇමරිකාවේ නාසා ආයතනයේ විද්‍යාඥයන් සමත්ව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

කෙප්ලර් 452බී නමින් නම් කර ඇති මෙය පෘථිවියට සමානකම් ඇති බව ඔවුහු පවසති. පෘථිවියේ හිරුට සමාන තරු එහි සොයාගෙන ඇත. පෘථිවිය වඩා විශාලත්වයෙන් වැඩි එම ග්‍රහලෝකයේ වසරක දින 385කි. එනම් සූර්යා වටා ගමන් කිරීමට ගතවන කාලය දින 385ක් වේ.

මෙය ආලෝක වර්ෂ 1400ක් දුරින් පිහිටි බවත් කියති.

කෙප්ලර් ග්‍රහයා වසර කෝටි 600 ක් පැරැණි බවත් එය පෘථිවියේ හිරුට වඩා වසර කෝටි 150 ක් පැරණි බවත් නාසා ආයතනය පවසයි.

web1 web2