IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


තව පොඩ්ඩෙන් ගුවන් අනතුරක්

මගීන්ගේ පහසුව සදහා බස් රථයක සවිකර ඇති හරස් පොල්ලකියි සිතා ගමන්කරමින් සිටි ගුවන්යානයේ හදිසි දොරටුවේ හැඬලය අල්ලාගෙන සිටියදී දොර විවරවීමෙන් ගුවන්යානය අනතුරට ලක්වීමට ඔන්න මෙන්න වන තැනට වැඩ සැළැස්වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට චීන පොලිසිය කටයුතු කර තිබේ.

චීනයේ ප‍්‍රාදේශීය ගුවන්සේවයක් වන උරුම්කුයි ගුවන්සේවයට අයත් ගුවන්යානයක ගමන්ගත් මගියෙකුට මෙම අකරතැබ්බයට මුහුණදීමට සිදුව තිබෙන අතර අත්අඩංගුවට ගත් පසු ඔහු පවසා ඇත්තේ තමන් මින් පෙර කෙදිනකවත් හදිසි දොරටුව අසළ ගමන් කර නැති නිසා එහි තිබූ හැඩලය මගීන්ට අල්ලා ගෙන යාමට තිබෙන එකක්යැයි සිතූ බවය.

ගුවන්යානය ගුවන්ගතවීම ආරම්භව තිබෙන අවස්ථාවේම හදිසි දොරටුව විවරව තිබේ.වහාම යානය ගුවන්තොටුපලට ගොඩබැස්වීමට එහි නියමුවන් කටයුතු කර ඇත.ගුවනේදී මේ හදිසි දොරටුව විවර වූවානම් විශාල අනතුරක් සිදුවිය හැකිව තිබුණි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා දින 10 ක් පොලිස් භාරයේ රදවා තබාගෙන නිදහස් කිරීමට නියෝග ලැබී තිබෙන බව සඳහන්ය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් බොහෝ දෙනා ගුවන්යානයේ කාර්යමණ්ඩලයට දොස් පවරා තිබෙන අතර එම පුද්ගලයාගේ හැසිරීම ගැන ඔවුන් ඊට වඩා අවධානයෙන් යුතුව සිටිය තිබුණේ යැයි ඔවුන් පවසයි.

ගුවන්යානා හදිසි දොරටු හා චීනය හා බැදුණු පුවත් එමට තිබෙන අතර එක් අවස්ථාවක මගීන් පිරිසක්  ගුවන්යානයේ හදිසි දොර බලහත්කාරයෙන් විවෘත කර ගත්තේ ගුවන්ගතවීම පැය ගණනාවක් ප‍්‍රමාදවීම නිසා ගුවන්යානා කුටියේ උණුසුම උසුලාගත නොහැකි බව කියමින්ය.

ගුවන්යානයක් ගොඩබැස්වූ අවස්ථාවක හදිසි දොරටුව විවෘත කරගෙන යානයෙන් පැනීමට තැත් කළ පුද්ගලයෙකු තවත් අවස්ථාවක පොලිස් අත්අඩංගුවට පත්වූ විට ඔහු පවසා සිටියේ එම දොරටුව මගීන්ට ඉක්මනින් පිටව යෑමට ඇති එකක්ය සිතා තමන් එය විවෘත කළ බවයි.

 

26B0E6D200000578-2996782-image-a-2_1426499604876 26B0E41D00000578-2996782-image-a-15_1426505066882 26B1554500000578-2996782-image-a-16_1426505074238



අදහස් (0)

තව පොඩ්ඩෙන් ගුවන් අනතුරක්

රොෂාන්ත Thursday, 19 March 2015 01:16 PM

චීනේ නේද.? අහන්න දෙයක් නෑ. (ර)

:       0       0

රෙජි-සිඩ්නි Wednesday, 18 March 2015 10:39 PM

යානයක් ගුවන්ගතවීමට පෙර දොර අගුලු දැමීම ගුවන් සේවකයන්ගේ වැඩක්. එසේ වුණා නම් මඟීන්ට කෙසේවත් දොර අරින්න බැහැ. (නි)

:       0       0

රිචි බාලසුරිය Thursday, 19 March 2015 08:09 AM

මේ චීන පුද්ගලයා අපේ කෙහෙළිය මහතාගේ නෑයෙක්ද ? (නදී)

:       0       0

සිරි Thursday, 19 March 2015 02:10 AM

චීන ගුවන් යානාවක්ද ? (නදී)

:       0       0

දුමින්ද Wednesday, 18 March 2015 10:40 AM

සිදු උනේ පොඩි අත්වැරදීමක්-වැලකුනේ මහා අනතුරක් (ම)

:       0       0

ආනන්ද ආර්. Thursday, 19 March 2015 04:52 PM

කොණ්ඩය බැඳපු චීනෙක්ද දන්නෙ නැහැ (නි)

:       0       0

අසේල Wednesday, 18 March 2015 12:16 PM

මම නම් දන්න විදියට උඩුගුවනේදී කොහෙත්ම දොර අරින්න බැහැ, මොන හැඩලයක් කැරකුවත් (නි)

:       0       0

ඩික්සන් Wednesday, 18 March 2015 12:19 PM

නොදන්නාකමට සිදුවුණ දෙයකට දඬුවම්දීම වැරදියි නේද? (නි)

:       0       0

ද සිල්වා - බර්ලින් Wednesday, 18 March 2015 12:27 PM

අපේ ඇමෙති පුතාලත් උත්සහ කලත් හරි ගියේ නැහැ, නමුත් චිනගේ උත්සාහය සාර්ථක උනා. (ර)

:       0       0

කෙහෙළිය Wednesday, 18 March 2015 12:36 PM

අපේ එක්කෙනෙක් දොර අරින්න හැදුවේ, ඇයි මතක නැද්ද.? (ර)

:       0       0

සමන්ති Wednesday, 18 March 2015 12:44 PM

අසේල ඔබ හරි, හැබැයි ඔහුටත් අපේ එක්කෙනාට වගේ වැසිකිලියට යන්න ඕන උනාද දන්නේ නැහැ? (ර)

:       0       0

අභය Thursday, 19 March 2015 04:05 AM

ගුවන් අනතුරු වැඩි උනානේ. බයට දොර ලග ඉන්න ඇති. අහිංසක මිනුසුන්ට නිතරම උපදෙස් අවශ්‍යයි. උපදෙස් ලැබුණා නම් ලංකාවත් අද ගොඩ. අම්ම තාත්ත විතරයි දරුවන්ට උපදෙස් දෙන්නේ. ලොකු උනාම ඉන්නේ බොරු කාරයෝ. හරි මග පෙන්නන්න කවුරුත් නැහැ. රටත් ඒ වගේ (නදී)

:       0       0

සුගත් Thursday, 19 March 2015 04:53 AM

මේ කෙහෙළියගේ පවුලේ කෙනෙක්ද දන්නේ නැහැ. මොකද ඒ අයට විතරයි මේ දොර ඇරලා නිදහසේ යන්න පුළුවන්. (නදී)

:       0       0

සුපුන් Wednesday, 18 March 2015 04:47 PM

අසේල හරි (නි)

:       0       0

නන්දලාල් Wednesday, 18 March 2015 05:07 PM

චීනයේ මේ ගුවන් යානයේ ඉන්න ඇත්තේත් අපේ රටේ බස් කොන්දොස්තරලා වගේ අය වෙන්න ඇති. මෙහේ කොන්දොස්තරලා අපි බස් එකට නැග්ඟ ගමන්ම කියන්නේ "පොල්ල අල්ලගෙන ඉස්සරහට යන්න" කියලානේ. එහෙදිත් ඕකම වෙන්න ඇති.කොහොම වුණත් මේක පැරණි යානයක් වෙන්න ඇති. නැත්නම් මේ දොරවල් ඉබේටම අගුලු වැටෙනවා. කාටවත් ඒවා ඇතුළෙන් අරින්න බැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 448 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site