මගීන්ගේ පහසුව සදහා බස් රථයක සවිකර ඇති හරස් පොල්ලකියි සිතා ගමන්කරමින් සිටි ගුවන්යානයේ හදිසි දොරටුවේ හැඬලය අල්ලාගෙන සිටියදී දොර විවරවීමෙන් ගුවන්යානය අනතුරට ලක්වීමට ඔන්න මෙන්න වන තැනට වැඩ සැළැස්වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට චීන පොලිසිය කටයුතු කර තිබේ.

චීනයේ ප‍්‍රාදේශීය ගුවන්සේවයක් වන උරුම්කුයි ගුවන්සේවයට අයත් ගුවන්යානයක ගමන්ගත් මගියෙකුට මෙම අකරතැබ්බයට මුහුණදීමට සිදුව තිබෙන අතර අත්අඩංගුවට ගත් පසු ඔහු පවසා ඇත්තේ තමන් මින් පෙර කෙදිනකවත් හදිසි දොරටුව අසළ ගමන් කර නැති නිසා එහි තිබූ හැඩලය මගීන්ට අල්ලා ගෙන යාමට තිබෙන එකක්යැයි සිතූ බවය.

ගුවන්යානය ගුවන්ගතවීම ආරම්භව තිබෙන අවස්ථාවේම හදිසි දොරටුව විවරව තිබේ.වහාම යානය ගුවන්තොටුපලට ගොඩබැස්වීමට එහි නියමුවන් කටයුතු කර ඇත.ගුවනේදී මේ හදිසි දොරටුව විවර වූවානම් විශාල අනතුරක් සිදුවිය හැකිව තිබුණි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා දින 10 ක් පොලිස් භාරයේ රදවා තබාගෙන නිදහස් කිරීමට නියෝග ලැබී තිබෙන බව සඳහන්ය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් බොහෝ දෙනා ගුවන්යානයේ කාර්යමණ්ඩලයට දොස් පවරා තිබෙන අතර එම පුද්ගලයාගේ හැසිරීම ගැන ඔවුන් ඊට වඩා අවධානයෙන් යුතුව සිටිය තිබුණේ යැයි ඔවුන් පවසයි.

ගුවන්යානා හදිසි දොරටු හා චීනය හා බැදුණු පුවත් එමට තිබෙන අතර එක් අවස්ථාවක මගීන් පිරිසක්  ගුවන්යානයේ හදිසි දොර බලහත්කාරයෙන් විවෘත කර ගත්තේ ගුවන්ගතවීම පැය ගණනාවක් ප‍්‍රමාදවීම නිසා ගුවන්යානා කුටියේ උණුසුම උසුලාගත නොහැකි බව කියමින්ය.

ගුවන්යානයක් ගොඩබැස්වූ අවස්ථාවක හදිසි දොරටුව විවෘත කරගෙන යානයෙන් පැනීමට තැත් කළ පුද්ගලයෙකු තවත් අවස්ථාවක පොලිස් අත්අඩංගුවට පත්වූ විට ඔහු පවසා සිටියේ එම දොරටුව මගීන්ට ඉක්මනින් පිටව යෑමට ඇති එකක්ය සිතා තමන් එය විවෘත කළ බවයි.

 

26B0E6D200000578-2996782-image-a-2_1426499604876 26B0E41D00000578-2996782-image-a-15_1426505066882 26B1554500000578-2996782-image-a-16_1426505074238