
තලේබාන් සංවිධානයේ ගමන අඩාල කිරීම ඇෆ්ගනිස්තාන ආරක්ෂක අංශවල පළමු කාර්ය යැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පැවැසීය.
තලේබාන් සංවිධානය මේ වනවිට ඇෆ්ගනිස්තානයේ විශාල කොටසක බලය අල්ලාගෙන ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
තලේබාන් සංවිධානය අල්ලාගත් ප්‍රදේශ නැවත අත්පත් කරගැනීමට පෙර ඔවුන්ගේ ගමන අඩාල කිරීමට ප්‍රමුඛත්වය දිය යුතු යැයි ද එය ඇෆ්ගන් ආරක්ෂක අංශවල මුල්ම කාර්යය යැයි ද ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා කීය.
ඇෆ්ගනිස්තානයේ උපායමාර්ගික වශයෙන් වැදගත් ස්ථාන රැසක් ද තලේබාන් සංවිධානයේ පාලනයට නතු වී තිබෙන මේ හේතුවෙන් එම ස්ථානවල පාලනය නැවත තමන් සතු කරගැනීමට ඇෆ්ගනිස්තාන ආරක්ෂක අංශ සැලසුම් කර ඇතැයි වාර්තා වේ.
ඇෆ්ගනිස්තාන ආරක්ෂක අංශ තලේබාන් සංවිධානයට එරෙහිව ඔවුන්ගේ යුද සැලැස්ම වෙනස් කිරීමට සූදානම් වන බව රොයිටර්ස් පුවත් සේවය ඉකුත් දිනෙක වාර්තා කළේය.
කාබුල් ඇතුළු ඉතා වැදගත් ප්‍රදේශවල ආරක්ෂාව වැඩි කිරීමටත්, තලේබාන් සංවිධානයේ පාලනයට නතුව තිබෙන උපායාමාර්ගික වශයෙන් වැදගත් ස්ථාන නැවත අත්පත් කරගැනීමටත්, දේශසීමා හුවමාරුවල ආරක්ෂාව තර කිරීමටත් ඉතා වැදගත් යටිතල පහසුකම්වල ආරක්ෂාව වැඩි කිරීමටත් ඇෆ්ගනිස්තාන ආරක්ෂක අංශ සූදානම් වන බව එම වාර්තාවල දැක්විණි.
“ඇෆ්ගන් ආරක්ෂක අංශ ප්‍රධාන නගරවල සහ ජනාකීර්ණ ප්‍රදේශවල ආරක්ෂාව දැඩි කරමින් සිටිනවා” යැයි ඇලස්කාවේ සංචාරයක නිරත වෙමින් ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා කීවේය.
“නවත්වනවාද නැද්ද කියන දේටත් මම හිතන්නේ මුලින්ම කරන්න අවශ්‍ය වෙන්නේ තලේබාන් සංවිධානයේ ගමන අඩාල කිරීම, ඔවුන් ගමන් කරන වේගය අඩු කිරීම” යැයි හෙතෙම කීය.
ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ උපදෙස් මත ඇමෙරිකානු හමුදා ඇෆ්ගනිස්තානයේ සිය යුද මෙහෙයුම් අගෝස්තු 31 වැනිදාට අවසන් කිරීමට නියමිත ය.
“ප්‍රගතියක් අත්පත් කරගැනීමට ඇෆ්ගනිස්තානයට හැකියාව සහ ධාරිතාව ඇතැයි තමන් විශ්වාස කළා” යැයි ද ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා කීවේය. “අපි බලමු මොකද වෙන්නේ” කියලා යැයි ද හෙතෙම කීය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
678
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2346
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1727
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තලේබාන්වරුන්ට හිස ඔසවන්න දිය යුතු නෑ