IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


තලේබාන්වරුන් ඇෆ්ගන් මාධ්‍යවේදීන්ට පහරදීලා

ඇෆ්ගන් මාධ්‍යවේදීන් දෙදෙනකු තලේබාන්වරුන්ගේ අමානුෂික ලෙස පහර දී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. පහර කෑමට ලක් වුණු මාධ්‍යවේදීන් දෙදෙනා තුවාල ලබා සිටින අයුරු දැක්වෙන ඡායාරූප පවා විදෙස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වී තිබේ.

පහර කෑමට ලක් වූයේ ඇෆ්ගන් පුවත්පතක වාර්තාකරුවකු ලෙස කටයුතු කරන මාධ්‍යවේදියකු සහ ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත්පතට සේවය කරන ඇෆ්ගන් ජාතික මාධ්‍යවේදියෙකි.

පසුගිය දා  කාන්තා අයිතීන් සුරකින්නැයි තලේබාන් සංවිධානයට බලකරමින්, කාබුල් අගනුවර සමාජ ක්‍රියාකාරීනියන් පිරිසක් විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබුණි.

තලේබාන්වරුන් මාධ්‍යවේදීන් දෙදෙනාට අමානුෂික ලෙස පහර දී ඇත්තේ එම පා ගමනට අදාල ප්‍රවෘත්තිය වාර්තා කිරීමට ගිය අවස්ථාවේදීය.

එම අවස්ථාවේදී විරෝධතා පා ගමනට එක් වුණු ක්‍රියාකාරීන් ඇතුළු ඇෆ්ගන් කාන්තාවන්ට කඳුළු ගෑස් සහ ගම්මිරිස් ප්‍රහාර එල්ල කරමින් ඔවුන් විසුරුවා හැරීමට ද තලේබාන්වරු කටයුතු කළහ.

(රොයිටර්)



අදහස් (3)

තලේබාන්වරුන් ඇෆ්ගන් මාධ්‍යවේදීන්ට පහරදීලා

Raveendra Friday, 10 September 2021 03:23 PM

ඇෆ්ගනිස්තානයේ මාධ්‍යයවේදීන්ට අත "නොතබනු"......වහාම මාධ්‍ය නිදහස තහවුරු "කරව්" .... නොඑසේ නම් අප හෙට සිටම ලිප්ටන් වටරවුමට එනවා ලංකාවේම මහජනතාවම අරගෙන..අපිට සෞක්‍ය නීති වැඩක් නැත.මීට කළුකුමාර ප්‍රමුක රැල....

:       23       10

ganegoda Friday, 10 September 2021 04:46 PM

මේ ඇමෙරිකාව ඔටුන්නක් වගේ ඔලුවේ තියාගෙන හිටපු ඇෆ්ගන් තරුණයෝ නේද

:       3       7

අරුණ Sunday, 12 September 2021 02:14 AM

සිංහලයේ වරු යෙදෙන තැන් දෙකකි. එකක් ගෞරවාර්ථයේ ය. අනික බහු වචනයේය. වරු යන්න කෙසේ යෙදුවත් කියවන්නාගේ සිතට ගෞරවාන්විත හැගීමක් රැගෙන ඒමට සමත්ය. හාමුදුරුවරු, දෙවිවරු, මව්වරු, පියවරු, මාමාවරු, ගුරුවරු, සිටුවරු, රජවරු, ඇමතිවරු, මන්ත්‍රීවරු ලෙස මෙය විහිදේ. ඉහත අය වර්තමානයේ කරනා දේ වෙනම කතා කල යුත්තකි. කෙසේ නමුත් නොකළ යුතු දේ කරන අයට වරු යොදන අවස්තා මාගේ මතකයට නොනැගේ. ත්‍රස්තවාදීවරු, මන්කොල්ලවරු, හොරවරු, මැරවරු ලෙස අපි යොදන්නේ නැත. ඒ ආකාරයෙන්ම, තලේබාන්වරු යන්නද ගැලපෙන්නේ නැත.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 664 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2332 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1724 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site