ඇෆ්ගන් මාධ්‍යවේදීන් දෙදෙනකු තලේබාන්වරුන්ගේ අමානුෂික ලෙස පහර දී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. පහර කෑමට ලක් වුණු මාධ්‍යවේදීන් දෙදෙනා තුවාල ලබා සිටින අයුරු දැක්වෙන ඡායාරූප පවා විදෙස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වී තිබේ.
පහර කෑමට ලක් වූයේ ඇෆ්ගන් පුවත්පතක වාර්තාකරුවකු ලෙස කටයුතු කරන මාධ්‍යවේදියකු සහ ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත්පතට සේවය කරන ඇෆ්ගන් ජාතික මාධ්‍යවේදියෙකි.
පසුගිය දා කාන්තා අයිතීන් සුරකින්නැයි තලේබාන් සංවිධානයට බලකරමින්, කාබුල් අගනුවර සමාජ ක්‍රියාකාරීනියන් පිරිසක් විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබුණි.
තලේබාන්වරුන් මාධ්‍යවේදීන් දෙදෙනාට අමානුෂික ලෙස පහර දී ඇත්තේ එම පා ගමනට අදාල ප්‍රවෘත්තිය වාර්තා කිරීමට ගිය අවස්ථාවේදීය.
එම අවස්ථාවේදී විරෝධතා පා ගමනට එක් වුණු ක්‍රියාකාරීන් ඇතුළු ඇෆ්ගන් කාන්තාවන්ට කඳුළු ගෑස් සහ ගම්මිරිස් ප්‍රහාර එල්ල කරමින් ඔවුන් විසුරුවා හැරීමට ද තලේබාන්වරු කටයුතු කළහ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇෆ්ගනිස්තානයේ මාධ්‍යයවේදීන්ට අත "නොතබනු"......වහාම මාධ්‍ය නිදහස තහවුරු "කරව්" .... නොඑසේ නම් අප හෙට සිටම ලිප්ටන් වටරවුමට එනවා ලංකාවේම මහජනතාවම අරගෙන..අපිට සෞක්‍ය නීති වැඩක් නැත.මීට කළුකුමාර ප්‍රමුක රැල....
මේ ඇමෙරිකාව ඔටුන්නක් වගේ ඔලුවේ තියාගෙන හිටපු ඇෆ්ගන් තරුණයෝ නේද
සිංහලයේ වරු යෙදෙන තැන් දෙකකි. එකක් ගෞරවාර්ථයේ ය. අනික බහු වචනයේය. වරු යන්න කෙසේ යෙදුවත් කියවන්නාගේ සිතට ගෞරවාන්විත හැගීමක් රැගෙන ඒමට සමත්ය. හාමුදුරුවරු, දෙවිවරු, මව්වරු, පියවරු, මාමාවරු, ගුරුවරු, සිටුවරු, රජවරු, ඇමතිවරු, මන්ත්‍රීවරු ලෙස මෙය විහිදේ. ඉහත අය වර්තමානයේ කරනා දේ වෙනම කතා කල යුත්තකි. කෙසේ නමුත් නොකළ යුතු දේ කරන අයට වරු යොදන අවස්තා මාගේ මතකයට නොනැගේ. ත්‍රස්තවාදීවරු, මන්කොල්ලවරු, හොරවරු, මැරවරු ලෙස අපි යොදන්නේ නැත. ඒ ආකාරයෙන්ම, තලේබාන්වරු යන්නද ගැලපෙන්නේ නැත.