තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථාන රජය සමඟ දින 3 ක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබේ.
අද ඇරඹෙන මුස්ලිම්වරුන්ගේ ඊද් අල්-ෆිතර් උත්සවය වෙනුවෙන් මෙම සටන් විරාමය ක්‍රියාත්මක කර ඇත.
පසුගිය සතිවලදී රජයේ හමුදාවලට එරෙහිව තලේබාන් ප්‍රහාර ඉහළ ගිය බව ද දක්නට ලැබුණි.
තලේබාන් සංවිධානයේ මෙම නිවේදනය ඇෆ්ගනිස්ථාන ජනපති අෂ්රෆ් ගහානි මහතා විසින් පිළිගෙන ඇති අතර ඔහු ප්‍රකාශ කර ඇත්තේ තම සොල්දාදුවන් ඒ අනුව ක්‍රියාකරනු ඇති බවයි.
රටේ පවතින ප්‍රචණ්ඩත්වය දිගු කාලීනව අඩු කිරීමට මෙම තෙදින සටන්විරාමය මගින් බලාපොරොත්තු ඇති කෙරේ.
කෙසේ වෙතත් මෙම උත්සවය සඳහා 2018 වසරේදී ප්‍රකාශයට පත්කළ සටන්විරාමය දිගු නොකිරීමට පියවර ගැනුණි.
සතුරාට විරුද්ධව කිසිදු ස්ථානයකදී කිසිදු ප්‍රහාරයක් එල්ල නොකරන ලෙසත් සතුරා විසින් යම් ක්‍රියාවක නියැලුණහොත් ඉන් ආරක්ෂා වන ලෙසත් තලේබාන් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක සබිහුල්ලා මුජහිඩ් ප්‍රකාශ කර තිබේ.
ඇෆ්ගනිස්ථාන ජනපති අෂ්රෆ් ගහානි මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ප්‍රහාරයකදී පමණක් ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග ගන්නා ලෙස තම සොල්දාදුවන්ට උපදෙස් දී ඇති බවයි.
(බීබීසී ඇසුරෙනි)
-226-
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
තලේබාන් සංවිධානයෙන් දින 3 ක සටන් විරාමයක්