කාබුල්හිදීය (රොයිටර්ස්)
තලේබාන් සංවිධානය සමඟ පැවැත්වීමට නියමිතව තිබූ බහුපාර්ශ්වීය සාම සාකච්ඡා කල් දැමීමට රුසියාව එකඟ වූ බව ඇෆ්ගනිස්තාන ජනාධිපති අෆ්රෆ් ඝානී අද (27) ප්‍රකාශ කළේය.
මෙම සාකච්ඡා සැප්තැම්බර් 4 වැනිදා පැවැත්වීමට නියමිතව තිබිණි. මොස්කව් නුවරට යෑමට කරන ලද ආරාධනාව තලේබාන් සටන්කාමීන් පිළිගෙන සතියකට පසු මෙලෙස සාකච්ඡා කල් දැමීමට රුසියාව එකඟ වී ඇත.
රුසියාව සාකච්ඡා කල් දැමීමක් ප්‍රකාශ කර නැතැවි ජනාධිපති ඝානීගේ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය. එහෙත් ඇෆ්ගනිස්තානයේ සහභාගීත්වය තහවුරු කිරීම සඳහා දින වෙනස් කිරීමක් සිදුව ඇතැයි හෙතෙම කීය.
රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් අෂ්රෆ් ඝානී දුරකතනයෙන් අමතා තිබෙන අතර ඇෆ්ගනිස්තානයේ සහභාගීත්වය තහවුරු කිරීම සඳහා සාකච්ඡාවල දින වෙනස් කිරීමට සූදානම් බව ප්‍රකාශ කර ඇත.
ඇෆ්ගනිස්තානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන දෙපාර්ශවයම පසුගිය සතියේදී රුසියාවේ ආරාධනාව ප්‍රතික්ෂේප කළේය.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd