
ඇෆ්ගන් තලේබාන් රජයේ විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුටාකී, ඉන්දීය සංචාරයකට සූදානමින් සිටී. විදේශ අමාත්‍යවරයා ඉන්දියාවේ නවදිල්ලි අගනුවර බලා පැමිණෙනු ඇත්තේ ලබන 9 වැනිදාය.
තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානයේ බලය අල්ලාගෙන රජයක් පිහිටුවීම කළේ 2021 වසරේය. ඒ, ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසුවය. තලේබාන් පාලකයෝ මේ වනවිට ඔවුන්ගේ ෂරියා නීතිය ක්‍රියාත්මක කර ඇති අතර, බාලිකා අධ්‍යාපනය තහනම් කර තිබේ.
කාන්තා අයිතීන් ද උල්ලංඝනය කර තිබේ. මෙය බටහිර රටවල විරෝධයට හේතුවක් වී ඇති අතර, ඇෆ්ගන් තලේබාන් රජය ලොවෙන් හුදෙකලා වී ඇත. එබැවින් විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුටාකී මෙම ඉන්දීය සංචාරය ඉතා වැදගත් වනු ඇතැයි පැවැසෙයි.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තලේබාන් රජයේ සාමාජිකයන්ට විදෙස් සංචාර තහනම් කර ඇති නමුත්, ඉන්දියාවට පැමිණීම සඳහා විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුටාකී විශේෂ අවසරයක් ලබා දෙන බව පැහැදිලි කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd