IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


තලේබාන් රජයක් පිහිටුවයි

වසර 20 කට පසු යළි ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කරගත් තලේබාන් සංවිධානය නව අන්තර්වාර රජයක් පිහිටුවූ බව එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක සබිහුල්ලා මුජහීද් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසීය.

නව අන්තර්වාර රජයට අයත් කැබිනට් මණ්ඩලයට කාන්තා නියෝජනයක් නොමැති අතර, සියලු දෙනා වැඩ බලන අමාත්‍යවරුන් ලෙස පත් කර තිබේ. ස්ථාවර රජයක් පිහිටුවීමට පෙර, රට දේශපාලනික වශයෙන් සහ ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම අන්තර්වාර රජය කඩිනමින් පිහිටුවීමට සිදුවුණු බව මාධ්‍ය ප්‍රකාශක සබිහුල්ලා මුජහීද් පැහැදිලි කළේය.

ඒ අනුව, නව රජයේ වැඩ බලන අග්‍රාමාත්‍යවරයා මුල්ලා මොහොමද් හසාන්ය. මොහු තලේබාන් නායකත්ව මණ්ඩලයේ ප්‍රධානියාය. ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ වීම හේතුවෙන් මොහුගේ නම එක්සත් ජාතීන්ගේ ආසාදු ලේඛනයට (බ්ලැක් ලිස්ට්) ඇතුළත් කර තිබේ.

ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා පසුගිය අගොස්තු 30 වැනිදා වනවිට ඇෆ්ගනිස්තානයෙන් පිටවී ගියේ, ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය පැවැති සමයේ, ඇමෙරිකාව සහ තලේබාන් සංවිධානය අතර සාකච්ඡා පවත්වා ඇති කරගත් සාම වැඩපිළිවෙළකට අනුවය. එම සාම වැඩපිළිවෙළ සකස් කෙරුණේත් ඇමෙරිකා නියෝජිතයන් සාකච්ඡා පැවැත්වූයේත් තලේබාන් දේශපාලන අංශය සමඟය. මෙම දේශපාලන අංශයට නායකත්වය දෙමින්, සාම වැඩපිළිවෙළට අත්සන් තැබුවේ තලේබාන් සංවිධානයේ සම නිර්මාතෘවරයකු ද වන මුල්ලා අබ්දෙල් ඝානී බරදාර්ය.

ඇෆ්ගනිස්තානයේ නව තලේබාන් රජයේ ජනාධිපති ධුරය බරදාර් ට හිමි වේවි යැයි අනුමාන කෙරුණත්, බරදාර් ට හිමිවී ඇත්තේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධුරයයි. ඒ අනුව, බරදාර් වැඩ බලන අග්‍රාමාත්‍යවරයා මුල්ලා මොහොමද් හසාන්ගේ දෙවැනියා වනු ඇත.

තලේබාන් සංවිධානයේ මූල්‍ය කටයුතු මෙහෙයවන්නේත්, තලේබාන් සන්නද්ධ අංශයට අවි ආයුධ ලබා දෙන්නේත් 'හක්කානී' ජාලයයි. මෙම ජාලය ඇෆ්ගනිස්තානයේත් පාකිස්තානයේත් ක්‍රියාත්මක වෙයි. ඇමෙරිකාව 'හක්කානී' ජාලය ත්‍රස්ත ජාලයක් ලෙස නම් කර තිබේ. හක්කානී ජාලයේ නායකයා සර්ජුදීන් හක්කානී ලොව අංක එකේ ත්‍රස්තවාදියකු යැයි ඇමෙරිකාවේ එෆ්.බී.අයි. සංවිධානය විසින් නම් කරනු ලැබ තිබේ. තලේබාන්වරුන්ගේ නව රජයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ධුරය හිමිවී ඇත්තේ සර්ජුදීන් හක්කානීටය.

සර්ජුදීන් හක්කානීට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ධුරය හිමිවීම තලේබාන් නව රජය සහ ඇමෙරිකාව සමඟ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සබඳතා මතභේදයකට ලක්වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

'හක්කානී' ජාලය, ඇෆ්ගනිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන අයි.එස්. ත්‍රස්තවාදීන්ට ද ආයුධ සහ මූල්‍ය ආධාර ලබා දීම සිදු කරයි. ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා කාබුල් අගනුවරින් පිටත්ව යෑමට පෙර පසුගිය අගෝස්තු 26 වැනිදා කාබුල් ගුවන්තොටුපොළට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළේ ඇෆ්ගනිස්තානයේ අයි.එස්.කේ ත්‍රස්ත කල්ලියයි. ඇෆ්ගනිස්තානයේ දරුණුතම අන්තවාදී කල්ලිය ලෙස අයි.එස්.කේ. සැලකෙයි.

'හක්කානී' ජාලය, අයි.එස්.කේ. සමඟ ද සමීප සබඳතා පවත්වන බව ඇමෙරිකන් බුද්ධි අංශ පවසා තිබේ.
නව රජය පිහිටවූ බව දැනුම් දුන් අවස්ථාවේදී ද තලේබාන් මාධ්‍ය ප්‍රකාශක මාධ්‍ය ප්‍රකාශක සබිහුල්ලා මුජහීද් යළිත් අවධාරණය කළේ ඇමෙරිකාව සමඟත් බටහිර සෙසු රටවල් සමඟත් යහපත් සබඳතා පවත්වා ගැනීමට තමන් බලාපොරොත්තුවෙන් පසුවන බවය.

'අප ගෝත්‍රික සටන්කාමීන් කණ්ඩායමක් නොවෙයි. අප ෂරියා නීතියට අනුව, ෂරියා නීතියේ රාමුවට අනුව නව රජයක් පිහිටුවා තිබෙනවා. එය ජනතා හිතවාදී රජයක් වේවි යැයි අප විශ්වාස කරනවා. අප පිහිටුවූ ඉස්ලාමීය රාජ්‍යය ලෝකයා පිළිගනු ඇතැයි යන්න අපේ විශ්වාසයයි.' යැයි සබිහුල්ලා මුජහීද් වැඩි දුරටත් කියා සිටියේය.
තලේබාන්වරුන් පිහිටවූ නව රජයේ වැඩ බලන අග්‍රාමාත්‍යවරයා මුල්ලා මොහොමද් හසාන්ගේ දෙවැනියා බරදාර් කටයුතු කරද්දී, බරදාර්ගේ දෙවැනියා ලෙස කටයුතු කරනු ඇත්තේ අබ්දෙල් සලාම් හනාෆි ය.

වැඩබලන විදේශ අමාත්‍යවරයා ලෙස අමීර් ඛාන් මුටාකී, වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස හෙදායුතුල්ලා බද්රි, වැඩබලන ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස දින් මොහොමද් සහ වැඩබලන මහ බැංකු අධිපති ලෙස මොහොමද් ඉඩ්රිස් පත් කිරීමට තලේබාන්වරුන් කටයුතු කර තිබේ. කයිරුල්ලා සායිද් වාලී කරිකාවා වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසත්, අබ්දෙල් හකීම් ඉෂාකී වැඩබලන අධිකරණ අමාත්‍යවරයා ලෙසත් පත් කර තිබේ. වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස මුල්ලා මොහොමද් යාකූබ් මුජහීද් පත් කර තිබේ.

වසර 20 ක සංග්‍රාම මෙහෙයුම් අවසන් කරමින් ඇමෙරිකන් හමුදා පිටවී යෑමත් සමඟ ඇෆ්ගනිස්තානයේ නව පරිච්ඡේදයක් ආරම්භ වුණු බවත්, තලේබාන්වරුන් පිහිටවූ නව අන්තර්වාර රජය සමඟ දිගටම යහපත් සබඳතා පවත්වා ගෙන යෑම ඉතා වැදගත් බවත් චීනය පවසා තිබේ.

තලේබාන්වරුන් පිහිටුවන නව රජය 'හුදෙකලා' කරමින්, ඔවුන් නොසලකා හැරීමට පියවර ගතහොත්, ඔවුන් ඇෆ්ගන් වැසියන්ට පමණක් නොව, ලොවට තර්ජනයක් වීමේ අවදානමක් ඇති හෙයින් සුහදශීලීව ඔවුන් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීම වැදගත් වන බව චීනය පෙන්වා දී ඇත. තලේබාන් නව රජය සමඟ එක් වී, ඇෆ්ගන් වැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමටත්, ඇෆ්ගනිස්තානයේ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමටත් තමන් සූදානම් බව චීනය පවසා ඇත. එසේ කිරීමට නම් ඇෆ්ගනිස්තානය දේශපාලනික වශයෙන් පමණක් නොව ආර්ථිකමය වශයෙන් ශක්තිමත් විය යුතු බව ද චීනය තලේබාන්වරුන්ට අවධාරණය කර තිබේ.

තලේබාන්වරුන් පිහිටුවන නව ඇෆ්ගන් රජය පිළිගැනීමට තමන් හෝ සෙසු නේටෝ සාමාජික රටවල් හෝ හදිසි නොවන බව ඇමෙරිකාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. තලේබාන් සංවිධානය ජනතා හිතවාදී පාලනයක් ස්ථාපිත කරමින්, බාලිකා අධ්‍යාපනයට අවසර දීමටත් කාන්තා අයිතීන් සුරැකීමටත් කටයුතු කරන බව පැහැදිලිව පෙනී යන්නේ නම්, ඇෆ්ගන් තලේබාන් පාලනය සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමට ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ සාමාජික රටවල් සූදානම් බව ද බයිඩන් පරිපාලනය අවධාරණය කර තිබේ.
නේටෝ සාමාජිකයන් වන කැනඩාව සහ ජර්මනිය එකහෙලා පවසා ඇත්තේ තමන් කිසිම අවස්ථාවක තලේබාන් පාලනයක් පිළි ගැනීමට සූදානම් නොවන බවය.

ඇෆ්ගනිස්තානයේ අසල්වැසියකු වන පාකිස්තානය පවසා ඇත්තේ අතීතයේ දී මෙන් නොව, මෙවර ඔවුන් තලේබාන් පාලනය පිළිගන්නේ ඇමෙරිකාව ඇතුළු නේටෝ රටවල් එය පිළිගන්නේ නම් පමණක් බවය.
තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානයේ බලයට පත්වීම ගැන රුසියාව සතුට පළ කර ඇති නමුත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත්තේ තලේබාන් නව රජය පිළිගැනීමට නම්, තලේබාන්වරුන් පළමුවෙන් ශක්තිමත් ස්ථාවර පාලනයක් ස්ථාපිත කළ යුතු බවය.

(රොයිටර්)



අදහස් (0)

තලේබාන් රජයක් පිහිටුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 664 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2332 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1724 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site