IMG-LOGO

2025 ජුනි මස 12 වන බ්‍රහස්පතින්දා


තලේබාන් ප්‍රාණ ඇපයේ සිටි ඉන්දීය ඉංජිනේරුවන් 3 ක් නිදහස්

සිය සාමාජිකයන් 11 දෙනකු වෙනුවෙන් වසරකට වැඩි කාලයක් ප්‍රාණ ඇපයේ සිටි ඉන්දීය ඉංජිනේරුවන් තිදෙනකු නිදහස් කළ බව ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානය පවසයි.  

සිරකරු හුවමාරුවක් යටතේ ඇෆ්ගන් තලේබාන් සංවිධානය එලෙස ඉන්දීය ඉංජිනේරුවන් තිදෙනා නිදහස් කර තිබෙන අතර නිදහස ලැබූ තලේබාන් සංවිධානයේ සාමාජිකයන් අතර ඉහළ පෙළේ සටන්කාමීන් ද සිටින බව පැවසේ.

පාකිස්තානයේ ‘ද එක්ස්ප්‍රස් ටි්‍රබියුන්’ පුවත්පතට අනුව සිරකරු හුවමාරුව සිදුව ඇත්තේ ඉරිදා (6) දිනයේදී වන අතර තලේබාන් සංවිධානයේ සාමාජිකයන් දෙදෙනකු උපුටා දක්වමින් එම පුවත වාර්තා කර තිබිණි. කෙසේ නමුත් සිරකරු හුවමාරු සිදු වූ ස්ථානය පිළිබඳ කිසිදු සඳහනක් නොවීය.

එමෙන්ම නිදහස් කරන ලද සටන්කාමීන් කවුරුන්ද යන්න හෝ ඔවුන් සිටියේ ඇෆ්ගන් ආරක්ෂක අංශ භාරයේද එසේත් නැතිනම් එරට සිටින ඇමෙරිකානු හමුදා භාරයේද යන්න පිළිබඳවද කිසිදු තොරතුරක් වාර්තා නොවීය. බලධාරීහු ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමෙන් ද වැළැකී සිටියහ.

නිදහස ලැබූවන් අතර තලේබාන් සංවිධානයේ ඉහළ පෙළේ නායකයන් වන ෂීක් අබ්දුර් රහීම් සහ මව්ලාවී අබ්දුර් රෂීඞ් සිටින බව වාර්තා විය. ඔවුහු කුනාර් සහ නිම්රෝස් යන පළාත්වල තලේබාන් සංවිධානයේ ආණ්ඩුකාරවරු ලෙස කටයුතු කළහ.

ඇෆ්ගනිස්තානයේ බග්ලාන් පළාතේ බලශක්ති බලාගාරයක සේවය කරමින් සිටි ඉන්දීය ඉංජිනේරුවන් හත් දෙනකු පසුගිය වසරේ මැයි මාසයේදී පැහැර ගැනුණි. කිසිදු සංවිධානයක් එහි වගකීම බාර නොගත් අතර මේ වසරේ මාර්තු මාසයේදී එක් අයකු නිදහස් කෙරුණි. අනෙක් පිරිස සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු වාර්තා වී නැතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
 
ද හින්දු

055

 



අදහස් (0)

තලේබාන් ප්‍රාණ ඇපයේ සිටි ඉන්දීය ඉංජිනේරුවන් 3 ක් නිදහස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1074 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 445 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 566 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site