ඇෆ්ඝනිස්ථානයේ කාබුල් අගනුවර අධි ආරක්ෂිත කලාපයේ පිහිටි තානායමකට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ කළ තුවක්කුකරුවන් සිව්දෙනකු මරා දැමූ බව එරට ආරක්ෂක අංශ කියයි.
වසීර් අක්බාර් ඛාන් දිස්ත්‍රික්කයේ නිවාස, තානාපති කාර්යාල හා රජයේ කාර්යාල පෙදෙසේ මේ මෙහෙයුම නිසා පැය කිහිපයක සටන් පැවතියේය.
ප්‍රහාරකයන් සතුව රොකට් බෝම්බ විදින ඇතුළු ආයුධ තිබූ බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය කියයි. කිසිදු සාමාන්‍ය වැසියකුට හෝ හමුදා සෙබළකුට හානියක් වී නැතැයිද විදෙස් ප්‍රවෘත්ති සේවා පවසයි.
තලේබාන් සංවිධානය පවසන්නේ ප්‍රහාරය ව්‍යර්ථවූ බවයි.
ප්‍රහාරයකට පැමිණි සිව්දෙනකු වසීර් අක්බාර් ඛාන් හිදී ඝාතනයවූ බව එරට අභ්‍යන්තර කටයුතු නියෝජ්‍ය ඇමැති මොහොමඩ් අයුබ් සාලන්ගි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd