තලේබාන් සංවිධානය සහ ඇමෙරිකා එක්සත් ජනපද නිලධාරීන් අතර සිවුවැනි දිනටත් අද (24) සාකච්ඡා පැවැත්විණි.වසර 17ක් මුළුල්ලේ දිග්ගැස්සෙන ඇෆ්ගනිස්තාන අර්බුදයට විසඳුම් සෙවීමේ අරමුණින් කටාරයේදී මෙම සාකච්ඡා පැවැත්වේ.
“සාකච්ඡා තවමත් පැවැත්වෙනවා” යැයි තලේබාන් සංවිධානයේ ප්‍රකාශක සබිහුල්ලාහ් මුජහිද් පැවැසීය. “එකඟතාවකට පැමිණි පසු අපි සවිස්තරව සාකච්ඡා පවත්වනවා” යැයි ද ඔහු කීය.
ඇෆ්ගනිස්තාන අර්බුදයට දේශපාලන විසඳුමක් ලබාදීම අරමුණින් ඇමෙරිකා එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් මෙම සාකච්ඡා පැවැත්වේ. සාම ගිවිසුමක් ඇති කරගැනීම එහි ප්‍රධාන අරමුණ වී තිබෙන අතර සාකච්ඡා සාර්ථක වුවහොත් බොහෝ විට තලේබාන් සංවිධානය දේශපාලනයට පිවිසෙනු ඇත. ඒ අනුව තලේබාන් සංවිධානය මීළඟ ආණ්ඩුවේ පාර්ශවයක් වනු ඇතැයි ද පැවසේ.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd