IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


තෙල් සොයන යන්ත්‍රයට හමුවුණේ අතුරදන් යානයදැයි සැකයක් ?

මුහුදු පත්ලේ තෙල්, ඛණිජ හා ගෑස් ගවේෂණය කරනු ලබන ඕස්ට්‍රේලියා සමාගමක් වන ජෝරෙසොනන්ස් ආයතනය පවසන්නේ මුහුදු පත්ලේ ස්කෑනින් පරික්ෂණයකින් විශාල ගුවන් යානයක හැඩයට සමාන ලෝහමය ද්‍රව්‍ය දක්නට ලැබුණු බවයි.

මෙම ස්ථානය පිහිටා ඇත්තේ බංග්ලාදේශයට කිලෝ මීටර1000 ක් දකුණු දෙසට වන්නට බෙංගාල බොක්ක ප්‍රදේශයේය. අතුරුදන් වූ මැලේසියා ගුවන් යානය ගිලී ඇතැයි දැනට පරීක්ෂණ පවත්වන සීමාවට කිලෝ මීටර 5000ක් උතුරෙනි.

ඒකාබද්ධ සම්බන්ධීකරණ ඒජන්සිය පවසන්නේ මේ සොයා ගැනීම පිළිගත නොහැකි දෙයක් බවයි. එම ඒජන්සියේ පර්යේෂකයන්ගේ අදහස වී ඇත්තේ අතුරුදන් වූ එම්.එච්.370 යානයේ කොටස් ඇත්තේ තමන් විසින් මෙතෙක් සොයා බැලීම් කරන ප්‍රදේශයේ බවයි. ඔවුන් පවසන්නේ යානය දැනට මුහුදු පත්ලේ ගිලී ඇති බවයි.

ජොරෙසොනන්ස් සමාගම පවසන්නේ තමන්ට ලැබී ඇති ලෝහමය වස්තුවේ ඡායාරූප ස්ථිරව ම එම්.එච්.370 යානයේ යැයි තමන් නොකියන බවයි. කෙසේ වෙතත් තමන්ගේ යනත්‍රවලට අහඹු ලෙස හමුවූ මේ අමුතු වස්තුව කවර දෙයක් ද යන්න සොයා බැලිය යුතු බවයි.



අදහස් (0)

තෙල් සොයන යන්ත්‍රයට හමුවුණේ අතුරදන් යානයදැයි සැකයක් ?

රොස්චින්ද සොයිසා Thursday, 01 May 2014 01:14 AM

බෙන්ගාල බොක්කේ ගියා වගෙ කියන්නෙ කට කහානවට යැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 282 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site