ලෝකයේ තෙල් මිල තවදුරටත් පහළ යනු ඇතැයි ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (අයිඊඒ) පැවසු බව බීබීසි පුවත් සේවය වාර්තා කරයි. බොරතෙල් විශාල වශයෙන් වෙළඳ පොළට පැමිණීම ඊට හේතුවී ඇත. පසුගිය මාස කීපයේ දී තෙල් මිල ස්ථාවර වීම  සමගම සහ  එහි මිල ඉහළ යමින් තිබිය දී මෙලෙස තෙල් මිල අඩුවීමට පටන් ගැණිනි.

අයිඊඒ පැවසුවේ මෙම මිල පහළ යාම 2016 දක්වාම පැවතිය හැකි බවයි. තෙල් මිල මෙලෙස පහළ යාම පසුගිය ග්‍රීෂ්ම සෘතුවේදී ආරම්භ වි තිබේ. බොරතෙල් බැරලයක මිල පසුගිය වසරේ ඩොලර් 115 වූ අතර  පසුගිය ජනවාරි මාසය වන විට ඩොලර් 45 දක්වා පහළ ගොස් තිබිණි.

බොරතෙල් බැරලයක වර්තමාන මිල ඩොලර් 59 කි. තෙල් මිල පහළ යාමත් සමගම තෙල් සමාගම් වල තෙල් සම්පත් ගවේෂණය සඳහා ආයෝජනය කිරිමද අඩුකර ඇත.