ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරට දකුණින් පිහිටි හිල්ලා නගරයේ ආරක්ෂක මුරපොළක ට්‍රක් රථයක අටවා තිබූ බෝම්බයක් පුපුරා යාමෙන් 47 දෙනකු මියගොස් ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි. ඉන් 39 දෙනකු සාමාන්‍ය වැසියන් බවත් පොලිස් නිලධාරීන් අට දෙනකු ද ගින්නෙන් මියගිය බවත් එරට ආරක්ෂක අංශ පවසා ඇත. මේ පිපිරීමෙන් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.
මුර පොළේ පිපිරීම සිදුවන අවස්ථාවේ මෝටර් රථ විශාල පිරිසක් පිරික්සුම් කටයුතු සඳහා පෙළගස්වා තිබී ඇත. මෙය අයිඑස් සංවිධානය විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් යැයි එම සංවිධානයේ වෙබ් අඩවියක දක්වා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd