ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක ගමන් කරමින් තිබූ තෙල් බවුසරයක් හටගත් ගින්නක් හේතුවෙන් දැඩි වාහන තදබදයක් හටගත් බවත් ගින්න නිවා දැමිමට ගිනි නිවන හමුදාවට දැඩි වෙහෙසක් දැරීමට සිදුවූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බවුසරයේ ටයරයක් පුපුරා යාමෙන් වාහනය පෙරළී ගින්න හටගත් බව එරට මාධ්‍යවලට පොලිසිය පවසා ඇත. ගින්න හටගන්නා අවස්ථාවේ බවුසරයේ තෙල් ගැලුම් 8,700ක් තිබූ බව ද පවසයි. බවුසරයේ රියදුරාගේ දිවි බේරි ඇත.