එක් මගියකුගෙන් ඩොලර් 66 ක් හෙවත් රුපියල් 8,580ක ලාභයක් අපේක්ෂාවෙන් පුද්ගලයන් 298ක් සමග බොයි 777 වර්ගයේ එම්.එච්.17 යානය බිලි දී ඇතැයි ගුවන් ගමන් විශේෂඥයෝ මලයාසියා ගුවන් සේවයට චෝදනා කරති.

මේ දිනවල යුක්රේන රුසියා දේශසීමාවේ පවතින ගැටුම්කාරි තත්ත්වය හේතුවෙන් එම දේශසීමාව අසලින් ගුවන්යානා පියාසර කිරීම යුරෝපීය ගුවන් ගමන් ආරක්ෂණ ආයතනය අනුමත් කරන්නේ නැත. යුරෝපයේ සිට ගමන් ගන්නා යානයක් එම ආයතනයට තම ගමන් මාර්ගය හා පියාසර කරන උස දැනුම් දිය යුතුය.

ජාත්‍යන්තර ගුවන් ගමන් උපදේශන ආයතනයේ රොන් බාට්ච් පවසන්නේ යානයක් ගමන්කරන මාර්ගය අවසානයේ තීරණය කරන්නේ ගුවන් සමාගම විසින් බවයි.

ඔහු පවසන පරිදි මිසයිල ප්‍රහාරයකින් කඩා වැටුණු එම්.එච් 17 බොයිං 777-220 ඊආර් වර්ගයේ යානයක් පැයක පියාසර කාලයකට ඩොලර් 25,000 ක මුදලක් වැය වේ. මැලේසියා යානයට යුක්රේන රුසියා දේශසීමාව මග හැර යාමට නම් අමතර විනාඩි 45ක පියාසර කාලයක් ගත කිරීමට සිදුවේ. ඒ සඳහා සමාගම දැරිය යුතු වැඩිපුර මුදල් ඩොලර් 18,750 ත්  ඩොලර් 15,500 ත් අතර අගයක් ගනී. මේ අමතර මුදලට යානා මෙහෙයුම් කුලිය, පියාසර කාලයේ කාර්ය මණ්ඩලයට ගෙවියයුතු ගාස්තු, නඩත්තු මුදල්,  රක්ෂණ, බිම් සේවා කුලී සහ ඉන්ධන වියදම් ද ඇතුලත්ය.

බාට්ච් පවසන්නේ සමාගම සුළු මුදලක් ඉතිරිකැර ගැනීමේ අපේක්ෂාවෙන් මේ මාර්ගය තෝරාගන්නට ඇති බවයි.

මලයාසියාවේ ප්‍රවාහන අමාත්‍ය ලිඕන් ටියෝන්ග් ලායි පවසන්නේ යානය ගමන් ගත්තේ කාර්ය බහුල ගුවන් මාර්ගයක බවයි. එම මාර්ගයේ දිනකට යානා 400ක් පමණ පියාසර කරන බවත් යානය සියළු නීතීන්ට හා කොන්දේසීන්ට එකඟව ගමන් කළ බවත් හෙතෙම පවසයි.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අනෙක් ගුවන් සමාගම් මේ ප්‍රෙද්ශයෙන් ගමන් කරන්නේ නම් සාමාන්‍ය මාර්ගයෙන් කිලෝ මීටර 800ක් දකුණට බරව ගමන් කරන බවයි.

uk 5

uk1

uk 4

uk 3