ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ සාන්ත බාබරා හි වෙරළාසන්නයේ වු බොරතෙල් නලයක් පසුගිය අඟහරුවාදා පිපිරිගොස් තෙල් ගැලුම් 100000ක් පමණ පැසිපික් සාගරයට එක්වීමෙන් විශාල පරිසර හානියක් මෙන්ම එහි වෙසෙන සත්ව විශේෂයනටද බරපතල හානි සිදුවි ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පුපුරාගිය තෙල් නලය මගින් පැයකට තෙල් බැරල් 1300 ක් පොම්ප කර ඇත.
මෙම තෙල් තට්ටුව ඉවත් කිරීම සඳහා 1700 ක පිරිසක් යොදවා තිබේ. වාර්තාවල දැක්වෙන්නේ පොකිරිස්සන් අති විශාල සංඛ්‍යාවක් මියගොස් ඇති අතර ,මුහුදු පැලෑටි විශාල සංඛ්‍යාවක් ද විනාශයට පත්ව ඇති බවයි. මියගිය සත්වයින් අතර කරවැල්කොකුන් හය දෙනෙක් සහ යෞවන වියේ සිටින මුහුදු සිංහයෙක්ද වන බව සත්වවේදිහු පවසති.
ඇමරිකානු වෙරළාරක්ෂක බලකායේ කපිතාන් ජෙනිෆර් විලියම්ස් පවසන්නේ සාගරයට එකතුවි ඇති තෙල් ප්‍රමාණය ඉවත් කිරීම සඳහා යාත්‍රා 17 ක් යොදවා ඇති බවයි. සාගර ජලයේ ඇති දියවැල් ස්වභාවය සහ සුලං ප්‍රවාහය හේතුවෙන් මෙම කටයුත්ත ඉක්මනින් අවසන් කිරීමට නොහැකි වි ඇතැයිද හෙතෙම පවසා තිබේ.
කැලිෆෝර්නියාවේ පලමු තෙල් කාන්දුව සිදුවි ඇත්තේ 1969 වසරේදීය. ඒ අවස්ථාවේදී විශාල විනාශයක් සිදුවි ඇති අතර කැලිෆෝර්නියා වෙරළ තිරය ආරක්ෂාකර ගැනීම සඳහා අලුතින් කොමිසමක් ද පත් කර තිබිණි.
මෙම තෙල් කාන්දුව සිදුවි ඇත්තේ කැලිෆෝර්නියාවේ සමර්ලැන්ඩ් වෙරළ තිරයට සැතපුම් 5 ක් දුරින් පිහිටුවා තිබු යුනියන් තෙල් ලිඳෙනි. මේ අවස්තාවේදී තෙල් ගැලුම් මිලියන 3 ක් පමණ සාගරයට කාන්දු වි තිබේ. තෙල් නලය පුපුරාගොස් ඇත්තේ සාගර පත්ලේදීය. මෙම හේතුවෙන් මුහුදු පක්ෂීන් දහස් ගණනක් හා ගණනය කල නොහැකි මත්‍යසයන් ප්‍රමාණයක් මියගොස් ඇති බව වාර්තා වි තිබේ.
පසුව ඇලස්කා වෙරළ තීරයේදී 1989 දී සිදුවු තෙල් කාන්දුවකින් තෙල් ගැලුම් මිලියන 11 ක් කාන්දුවි ගොස් තිබේ. පසුව මෙක්සෙකෝ හි ගල්ෆ් මුහුදේ 2010 දී වු මෙවැනි තෙල් නලයක් පුපුරා යාමෙන් තෙල් ගැලුම් මිලියන 210 ක් පිටතට ගලා ගොස් තිබේ.
පසුගිය අඟහරුවාදා සාන්ත බාබරා වෙරළ තිරයේ පුපුරා ගිය තෙල් නලයේ හිමිකරුවන් වන ප්ලේන් ඕල් ඇමරිකන් පයිප්ලයින් නැමැති සමාගම විසින් 2004 වරෂයේ සිට 2007 වර්ෂය දක්වා පරිසරයට අහිතකර තත්වයන් සිදුකිරීම් 10 ක් වාර්තා වි ඇතැයි ඇමරිකානු පරිසර ආරක්ෂක අධිකාරිය කියයි. මෙම කාල සිමාවේදී බොරතෙල් ගැලුම් 273420ක් පමණ ටෙක්සාස් ලුයිසියනා ඔක්ලහෝමා සහ කන්සාස් හි ජල මූලාශ්‍ර වලට හෝ වෙරළ ඉමට නිති විරෝධීව මෙම සමාගම විසින් මුදා හැර ඇති බව වාර්තාවල දැක්වේ. මෙම තෙල් කාන්දුවලට මූලිකම හේතුව වි ඇත්තේ නලයන් මලකඩ කෑමෙන් දිරාපත් විම බවද හෙලිවි තිබේ. මේ හේතුවෙන් සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 3.25 ක දඩ සහ බොරතෙල් ගෙනයනු ලබන නලමාර්ග සැතපුම් 10420 ක් අළුත් වැඩියා කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 41 ක් ව්යදම් කිරීමට සිදුවි තිබේ.
ප්ලේන්ස් ඕල් ඇමරිකන් පයිප්ලයින් සමාගමේ සභාපති ග්‍රෙග් ආම්ස්ට්‍රොන් පැවසුවේ මෙම සිද්දිය ගැන තමන් බලවත් සේ කම්පාවට පත්ව ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම දේටම ඇමරිකාවට බැනල වැඩක් නැහැ. මිනිස්සුන්ට හැකියාව තියෙන්නේ ඕනේ කල්පනා කරලා වැඩ කරන්න. (ර)
කාර්මික විප්ලවයෙන් පස්සේ මේ මුළු ලෝකයම විනාශවෙන එක ඇරඹුනා. ඇමෙරිකාව කියන පිළිලය නිසා දැන් මුළු ලෝකයම යුධ බිය, අන්තවාදී බිය සහ සොබාදහම විකෘති කිරීමේ බියෙනුයි පසුවන්නේ. (නි)
ලෝකයේ ලොකුම පරිසර ව්‍යසන කරන්නේ සුපිරි රටවල් (නි)