මෙක්සිකෝවේ හිඩල්ගෝ ප්‍රාන්තයේ තෙල් නළයක් පිපිරීමෙන් 21දෙනකු පමණ මියගොස් 71කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
තෙල් සොරකම් කරන පුද්ගලයින් විසින් නළය පුපුරුවන්නට ඇතැයි සැකකරන බව බලධාරීහු පවසති.
නළය පිපිරීමත් සමග ගිනිගෙන ඇති අතර තෙල් එකතු කිරීමට පැමිණි පිරිස අනතුරට ලක්වී ඇත. බොහෝදෙනා පිළිස්සුම් තුවාල ලබා ඇති බව ද මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහල යාමට ඉඩ ඇති බවද සඳහන් වේ.
මෙලෙස තෙල් සොරකම් කිරීම මෙක්සිකෝවේ සමහර ප්‍රදේශවල බහුලව සිදුවන බවත් ඔවුන් මැඩපැවැත්වීම දුෂ්කර බවත් පොලිසිය පවසයි.

(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd