IMG-LOGO

තෙල්-ගෑස් කැණීම් සඳහා ඉන්දියාව යළි මිල ගණන් කැඳවයි

තෙල් සහ ගෑස් කැණීම් සඳහා ඉන්දියාව තෙවැනි වරටත් මිල ගණන් කැඳවා ඇතැයි එරට රජය නිකුත් කළ වාර්තාවක දැක්වේ.
 
 ඕ.ඒ.එල්.පී ප්‍රතිපත්ති ක්‍රමවේදය යටතේ එම මිල ගණන් කැඳවා තිබේ. වර්ග කිලෝමීටර 32,000ක් ආවරණය වන පරිදි කොටස් 23 කට එලෙස මිල ගණන් කැඳවා තිබෙන අතර ස්වභාවික ගෑස් උකහා ගැනීම මෙහි අරමුණ වී තිබේ. 
 
 වසර 2019 න් අවසන් වන වසර දෙකක කාලයේදී කැණීම් කරන සම්පූර්ණ අක්කර ප්‍රමාණය වර්ග කිලෝමීටර 300,000 මෙන් තුන් ගුණයක් වනු ඇතැයි ද පැවසේ. 
 
 තෙවැනි වර මිලදී ගැනීම්වලින් රජය ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් උපයා ගැනීමට බලාපොරොත්තු වේ. 
 
 ඉන්දියාවේ කර්මාන්ත සඳහා තෙල් මිලදී ගන්නේ විදේශවලිනි. වසර 2022 වෙද්දි විදේශවලින් ආනයනය කරන තෙල් ප්‍රමාණය සියයට 67ක් දක්වා අඩු කිරීම ඉලක්කය යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා තිබේ. මේ අනුව ඉන්දියාව තුළ ගවේෂණ හා කැණීම් සිදු කරමින් තෙල් හා ගෑස් නිෂ්පාදනය කිරීමට ඉන්දියාව බලාපොරොත්තු වේ. 
 
 
ඒ සඳහා 1990 වසරේ සිට ප්‍රධාන පෙළේ ගෝලීය තෙල් සමාගම්වලට බලපත්‍ර ලබාදීමට ඉන්දියාව උත්සාහ කළ ද ඒ සියල්ල අසාර්ථක විය. මූල්‍ය සීමා හා කොන්දේසි ඉවත් කරමින් ඉන්දියාව ගෝලීය සමාගම් ආකර්ෂණය කරගැනීමට උත්සාහ කළ ද ඒ කිසිවක් සාර්ථක නොවීය. 
 
රොයිටර් ඇසුරිනි 
 
(055)



අදහස් (1)

තෙල්-ගෑස් කැණීම් සඳහා ඉන්දියාව යළි මිල ගණන් කැඳවයි

රවින් Monday, 11 February 2019 02:16 AM

හැ !! අපේ අයියලා ඉන්දියන් සමාගම්වලට මේ රටේ තෙල් හොයන්න ඉඩ දෙනවා කියලා තිබුණා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1551 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 622 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site