
ඇෆ්ගනිස්තානයේ උතුරුදිග ප්‍රදේශවල තෙල් කැණීමේ කටයුතු සඳහා තලේබාන් පාලකයන් චීන සමාගමක් සමඟ ගිවිසුමකට එළැඹී සිටී.
ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසු පිහිටවූ තලේබාන් රජය, එරට බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමේ අරමුණින් ඇතිකරගත් ප්‍රධාන පෙළේ ගිවිසුමක් ලෙස මෙය සැලකෙයි.
වසර විසි පහක් සඳහා අත්සන් තැපූ මෙම ගිවිසුමට අමතරව, චීනයේ රාජ්‍ය හිමිකාරීත්වය සහිත සමාගමක් ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර ප්‍රදේශයේ පවතින තඹ නිධියක කැණීම් සිදුකිරීම ද ගිවිසුම් අත්සන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ.
ඇෆ්ගනිස්තානයේ ඉන්ධන, ස්වභාවික ගෑස්, තඹ ඇතුලු ඛනිජ ද්‍රව්‍යවල වටිනාකම අමෙරිකානු ඩොලර් ට්‍රිලියන ඉක්මවන බව ඇස්තමේන්තුගත කර තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd