සුරතල් සතුන් හැඩ ගැන්වීමේ නවතම විලාසිතාවක් රුසියාවෙන් ආරම්භ වී ඇත. යෙකරින්බර්ග් නගරයේ තිබෙන රූපලාවන්‍යාගාරයක දී විවිධ සතුන් වර්න ගන්වමින් අමුතු හැඩ ලබාදෙමින් සම්පූර්ණයෙන් ම වෙනස් සතකු බවට පත්කිරීම මෙහිදී සිදුකරයි.
මේ ආයතනය පවත්වාගෙන යන ඩැරින් ගෝට්ස් පවසන්නේ සතුන්ගේ ලෝම වර්ණගැන්වීම සඳහා යොදා ගන්නා ඩයි වර්ග, ස්වභාවික ඒවා බවයි. එම ඩයි සතුන්ට අහිතකර නොවන බවත් සතුන්ගේ සෞඛ්‍ය සම්පන්න බව රැකගැනීමට උපකාරිවන බවත් ඔහු කියයි. එම වර්ණ මාස ගණනක් සතුන්ගේ ලෝමවල රැඳී පවතින බව ද ඔහු පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පුලුවන්නම් ඕකේ ශාකාවක් අපේ රටෙත් පිහිටුවන්න බලන්නකෝ. (නදී)
අනේ පව් අහිංසක සත්තු. (නදී)
ෆොටෝ එකේ ඉන්න විදිහට නම් එයාලත් මේ ස්ටයිල් වලට කැමතියි වගේ. (නදී)
මම පොඩිකාලේ අපේ පූසාගේ (පිංචි මල්ලි) රැවුල කපලා අම්මගෙන් ගුටි කැවා (නදී)
නිල් භාජනයට වැටුන නරියාගේ කතාව මතක් උනා.(නදී)
කම්බිලි පණුවෙක් වගෙයි (නි)
අපෙත් පුසියෙක් ඉන්නවා. අරන් යන්න ඕනෑ වෙලාවක බලන්න. (නි)