රථවාහන වල අධි දීප්ත විදුලි පහන දල්වාගෙන (හයි බීම්) අන් අයට බාධා වන අයුරින් රියපැදවීමේ යෙදෙන්නන්ට අපූරු දඩුවමක් දීමට චීනයේ ෂෙන්සෙන් ප්‍රදේශයේ පොලිසිය කටයුතු කරයි.
විදුලි පහන් එළිය වැදී ඉදිරියෙන් පැමිණෙන රියැදුරන්ගේ ඇස් නිලංකාර වන්නේ කෙසේදැයි ඔවුනට දැනවීමට පොලිසිය කරන්නේ ඔවුන් රථයෙන් පිටතට රථයේ අධි දීප්ත විදුලි පහන් එළියට ඇස් සිටින ඔවුන්ට නියෝග කිරීමයි.
මෙම දඩුවමට අකැමැති අයෙක් වේ නම් ඔහුට විශාල දඩයක් ගෙවීමටත් වාහනය පොලිස් භාරයේ තබා යාමටත් සිදුවේ.
මෙනිසා වරදකර හසුවන්නන් බොහෝ දෙනා දඩුවම භාරගන්නා බවත් එයින් පාඩමක් ඉගෙන ගන්නා බවත් පොලිසිය කියයි.
පොලිසිය තමන්ට විනාඩි 5 කටත් අධික කාලයක් පුරාවට විදුලි පහන දෙස බලා සිටීමට බල කළේයැයි ඇතැම්හු චෝදනා කරති.
එම චෝදනා ප්‍රතික්ෂේප කරන පොලිසිය ඇස් වලට හානි වන තරමට දඩුවම බරපතල කිරීමට තමන් කිසිසේත් කටයුතු කර නැතැයි පවසා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු වැඩේ උනත් අනුන් ගැන නොසිතන අයට හොඳ පාඩම්.(අ)
බොහොම හොඳ පාඩමක් (නි)
මෙහෙටත් ඔය වගේ ක්‍රමයක් ගෙනාවා නම් හොඳයි (නි)
කැළේ නීතිය තියෙන රටවල් වලට හොද නීතියක්. ගස් බැදිම ගැන මොකද කියන්නේ. (අ)
අපේ පොලිසියත් රේට ලයිට් නැතුව යන බයිසිකල් වල හුලන් ඇරලා පයින් තල්ලු කරන යන්න කියනවා. නැතිනම් පොඩි මුදලක් අත මිට තිබ්බම ඔක්කොම ඉවරයි (නදී)