IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ත්‍රස්තවාදයට කිසිම සමාවක් නෑ

ඉන්දියාව ද ත්‍රස්තවාදයේ ගොදුරක් වී ඇති බැවින්, ඉන්දියාව කිසිම අයුරකින් ත්‍රස්තවාදයට උඩගෙඩිදීමක් හෝ අනුග්‍රහය දැක්වීමක් හෝ නොකරන බව එරට විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් අවධාරණය කරයි.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඉන්දියාවේ ස්ථාවරය මෙසේ අවධාරණය කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හදිසි සැසියක් අතරතුරේ ගාසා තීරයේ සිවිල් වැසියන්ට එල්ල වන ඊශ්‍රායල ප්‍රහාර නැවැත්විය යුතු යැයි ඉදිරිපත් වූ යෝජනාවට,  ඡන්දය දීමෙන් ඉන්දියාව වැළැකී සිටි නිසාය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හදිසි සැසියක් පැවැත්වීම සිදුවූයේ ද හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරනක ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීන වැසියන් ආරක්ෂා කර ගනිමින්, මානුෂීය සටන් විරාමයක් ඇති කිරීමටය.

ඇමෙරිකාව, කැනඩාව ඇතුළු රටවල් බොහොමයක් ඊට විරෝධය දක්වමින් ඡන්දය ලබා දුන්නේ, හමාස් සටන්කාමීන් පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලයට රිසි පරිදි හමාස් සටන්කාමීන් වෙත පහර දිය හැකි බව පෙන්වා දෙමිනි.

ජෝර්දානය ඉදිරිපත් කළ එම යෝජනාවට, ඉන්දියාව ද ඇතුළු රටවල් රැසක් ඡන්දය දීමෙන් වැලැකී සිටියේය. මේ සම්බන්ධයෙන් ඉන්දීය රජයට විවේචන එල්ල වීමට පටන්ගෙන තිබේ.

ඉන්දියාව ද ත්‍රස්තවාදයේ ගොදුරක් වී ඇති බැවින්, ඉන්දියාව කිසිම අයුරකින් ත්‍රස්තවාදයට උඩගෙඩිදීමක් හෝ අනුග්‍රහය දැක්වීමක් හෝ නොකරන බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා පැහැදිලි කළේ ඊට පිළිතුරු දීමක් වශයෙනි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ත්‍රස්තවාදයට කිසිම සමාවක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 109 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2033 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site