අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ රුදුරු බව කියාපාන තවත් සාධකයක් ලෙස කුඩාදරුවන් පිරිසක් ගිනි අවි භාවිතා කිරීමේ පුහුණුවකට සහභාගී වී සිටිනු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලට එක්වී තිබේ.

මෙය අප්‍රසිද්ධ වෙබ් අඩවියකින් සොරාගෙන අන්තර්ජාලයට නිදහස් කර ඇත්තේ අල්කයිඩා විරෝධීන් පිරිසක් බව පැවසේ.වීඩියෝවේ දැක්වෙන ප්‍රදේශය පාකිස්තාන - ඇෆ්ගන් දේශසීමා අතරේ පිහිටන උතුරු වසිරිස්තාන ප්‍රදේශය බැව් සොයාගෙන ඇත.උතුරු වසිරිස්තානය යනු අල්කයිඩා සංවිධානයේ පුහුණු කදවුරු පිහිටා තිඛෙන ස්ථාන අතුරින් එකකි.

වීඩියෝවේ කුඩා දරුවන් පිස්තෝල,මෙෂින් තුවක්කු ආදිය භාවිතා කිරීමට පුහුණු වන අයුරු දැක්වේ.මේ දරුවන් අල්කයිඩා සංවිධානයේ මියගිය සාමාජිකයින්ගේ දරුවන් බව පැවැසේ.යුධ අනාථයන් බව පවසා ඔවුන් තම භාරයට ගන්නා අල්කයිඩා සංවිධානය කුඩා දරුවන්ට අවිපුහුණුව ලබා දී ඔවුනවද ගැටුම් වලට හවුල් කර ගැනීමට සැළැසුම් කරන බව පැහැදිලිය.මේ අතර තවත් දරුවන් කොටසක් zzමොළ සේදුමටzz ලක් කර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර කරුවන් ලෙස පුහුණු කිරීමේ වැඩසටහනක්ද අල්කයිඩා සංවිධානය කි්‍රයාත්මක කරමින් සිටිනා බව හෙළිව ඇතැයි ආරක්ෂක විශේෂඥයෝ කියති.

පාකිස්තානයට අවශ්‍යව ඇත්තේ නේටෝ හා ඇෆ්ගන් හමුදාවන් ලවා ත්‍රස්තයන් මැඩපැවැත්වීමටයි.නමුත් ඇමරිකාවේ අදහස වන්නේ පාකිස්තාන හමුදාවන් ඒ සදහා මුල් පියවර තැබිය යුතු බවයි.