අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ රුදුරු බව කියාපාන තවත් සාධකයක් ලෙස කුඩාදරුවන් පිරිසක් ගිනි අවි භාවිතා කිරීමේ පුහුණුවකට සහභාගී වී සිටිනු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලට එක්වී තිබේ.
මෙය අප්‍රසිද්ධ වෙබ් අඩවියකින් සොරාගෙන අන්තර්ජාලයට නිදහස් කර ඇත්තේ අල්කයිඩා විරෝධීන් පිරිසක් බව පැවසේ.වීඩියෝවේ දැක්වෙන ප්‍රදේශය පාකිස්තාන - ඇෆ්ගන් දේශසීමා අතරේ පිහිටන උතුරු වසිරිස්තාන ප්‍රදේශය බැව් සොයාගෙන ඇත.උතුරු වසිරිස්තානය යනු අල්කයිඩා සංවිධානයේ පුහුණු කදවුරු පිහිටා තිඛෙන ස්ථාන අතුරින් එකකි.
වීඩියෝවේ කුඩා දරුවන් පිස්තෝල,මෙෂින් තුවක්කු ආදිය භාවිතා කිරීමට පුහුණු වන අයුරු දැක්වේ.මේ දරුවන් අල්කයිඩා සංවිධානයේ මියගිය සාමාජිකයින්ගේ දරුවන් බව පැවැසේ.යුධ අනාථයන් බව පවසා ඔවුන් තම භාරයට ගන්නා අල්කයිඩා සංවිධානය කුඩා දරුවන්ට අවිපුහුණුව ලබා දී ඔවුනවද ගැටුම් වලට හවුල් කර ගැනීමට සැළැසුම් කරන බව පැහැදිලිය.මේ අතර තවත් දරුවන් කොටසක් zzමොළ සේදුමටzz ලක් කර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර කරුවන් ලෙස පුහුණු කිරීමේ වැඩසටහනක්ද අල්කයිඩා සංවිධානය කි්‍රයාත්මක කරමින් සිටිනා බව හෙළිව ඇතැයි ආරක්ෂක විශේෂඥයෝ කියති.
පාකිස්තානයට අවශ්‍යව ඇත්තේ නේටෝ හා ඇෆ්ගන් හමුදාවන් ලවා ත්‍රස්තයන් මැඩපැවැත්වීමටයි.නමුත් ඇමරිකාවේ අදහස වන්නේ පාකිස්තාන හමුදාවන් ඒ සදහා මුල් පියවර තැබිය යුතු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකනම් වෙන්න බැහැ. හේතුව ඉස්ලාමය මේකට ඉඩදීලා නැහැ. ෂුවර් එකටම මේක මවාපෑමක්..(ස)
ඇත්ත කතා කරන්න ඕනෑ ජාති බේද නැතුව. වෙන්න බැරි නම් මේ ඡායාරූප වල තියෙන්නේ කාටුන්ද එතකොට? (නි)
අපෙන් අහන්න ත්‍රස්තවාදයේ කුරිරු කම (දී)
එල්.ටී.ටී.ඊ. එක ළමා සොල්දාදුවෝ බදවා ගත්තා. ඒත් කාටවත් ඒකේ වැරැද්දක් පෙනුනෙ නැහැ. තවමත් එල්.ටී.ටී.ඊ. එකට සුදු හුණූ ගාන අය ඉන්නවා. (නි)
සමහර මුහුණු යුරෝපියන් වගේ නේද? (නි)
ඉෂාක්, ත්‍රස්තවාදියාට ආගමක් ධර්මයක් නැහැ. (නි)
ඉෂාර්ක්, එතකොට අල් කයිඩා සංවිධානය කියන්නේ මායාවක්ද? (නි)
මම මුස්ලිම් අයකු හැටියට තරයේ හෙළ දකිනවා මෙවන් ක්‍රියාවන්. හේතුව ඉස්ලාම් දර්මයේ කියල නැහැ කිසියම් කෙනෙකුට හිංසාවක් කරන්න. ඔය දේශපාලන පලප්‍රයෝජන සඳහා යැපෙන්නන් තමි මෙවන් දේවලට පෙළබි සිටින්නේ. (අ)
කියන්නේ එකක්, කරන්නේ වෙන දෙයක්. විශ්වාස කරන්න බැරි ජාතියක් ? (නි)
ඉෂාක්, ඇත්ත තිත්තයි කියන්නේ ඕකට තමා. (නි)
මොනවා නැතත් ළමයිව හොදට අන්දවලා තියෙනවා තොප්පිත් දාලා (නි)
මධූට එතකොට තමන්ගේ ජාතිය විශ්වාස කරන්න පුලුවන්ද? (නි)
ඉස්ලාමිය නීති පිළිපදින ඔය වගේ රටක , බාල ළමුන්ව මෙහෙම සහභාගි කරගත්ත එක සැක සහිත දෙයක්. බොස්ටෝන් ප්‍රහාරයෙන් පස්සේ, ඇමරිකාවට ඇෆ්ඝනිස්තාන් ප්‍රහාර තවත් ප්‍රබල කිරීමට ගත්තු පියවරක් කියලයි මට නම් දැනෙන්නේ (නි)
ඉරාකෙට ගහන්න යනකොට 2001 දී ඇමෙරිකාවට ගහපු සතුටට ඉරාකේ ගෑනු නැටුවා කියල විදෙස් මාධ්‍ය වල පෙන්නුවා. මේකත් ඒ වගේ තමයි කියලා මට හිතෙනවා (නි)