සිරියාවේ ගැටළුව විසඳීම සඳහා රුසියාව ඇමෙරිකාව සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් යැයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් පවසයි. විදෙස් මාධ්‍ය මේ බව පවසන්න් මොස්කව් නගරයේ දී ජනාධිපති පූටින් මාධ්‍ය හමුවක් පවත්වමින් කළ ප්‍ර‍කාශයක් උපුටා දක්වමිනි.

ඉදිරියේ දී ඇමෙරිකාවේ පත්වන නව ජනාධිපතිවරයා සමඟ ද තමන් එක්ව කටයුතු කිරීමට සූදානම් බව පූටින් පවසයි. සිරියාවේ ත්‍ර‍ස්තවාදීන් පරාජය කිරිමෙන් පසු සිරියාවට දේශපාලන විසදුමක් ලබා දිය යුතුයැයි ඇමෙරිකාව සහ රුසියාව අතර එකගත්වයක් තිබෙන බව ද ජනාධිපතිවරයා පවසා ඇත.