සිරියා රජයේ පාලනය යටතේ පවතින හෝම්ස් නගරයේ බෝම්බ පිපිරීමකින් 16 දෙනකු මියගොස් ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි. පුපුරාගොස් ඇත්තේ වාහනයක සවිකර තිබූ බෝම්බයකි. අයිඑස්අයිඑස් ත්‍ර‍ස්තවාදීන් විසින් අවසන්වරට අල්ලාගන්නා ලද නගරය මෙයයි. පසුගිය දා ත්‍ර‍ස්තවාදීන් හා සිරියා රජය අතර ඇතිවූ තාවකාලික සටන් විරාමයේ කොන්දේසි අනුව සන්නද්ධ ත්‍ර‍ස්තවාදීන් හෝම්ස් නරගය හැරයාම ආරම්භ කර තිබිණි.

ත්‍ර‍ස්තවාදීන් හෝම්ස් නගරය හඳුන්වන ලද්දේ ‘‘විප්ලවයේ නගරය“ යනුවෙනි.