අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් විප්ලවයේ නගරය ලෙස හැඳින්වූ හොම්ස් නගරයෙන් ඉවත්වෙමින් සිටින බව බීබීසී වාර්තා කරයි. එය මධ්‍යම සිරියාවේ නගරයකි. කැරළිකරුවන් අවසන්වරට අත්පත් කරගෙන සිටි මේ නගරයෙන් ඔවුන් පසුබසින්නේ සිරියා රජය සමග ඇතිකරගත් තාවකාලික සටන් විරාම ගිවිසුමේ කොන්දේසි ක්‍රියාත්මක කරමිනි.

ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ එම ගිවිසුම් කොන්දේසි අනුව බදාදා ත්‍රස්තවාදීන් හා සිවිල් පුරවැසියන් 800ක් පමණ හොම්ස් නගරයෙන් ඉවත්වීමට නියමිතව තිබූ බවයි. කැරළිකරුවන් රැගත් පළමු බස් රථය අද හොම්ස් නගරයෙන් පිටත්ව ගිය බව නිරීක්ෂණ කටයුතුවල යෙදෙන සිරියාවේ මානව හිමිකම් සංවිධාන පවසයි.