බෝකෝ හරාම් අන්තවාදීන්ගේ ප‍්‍රධාන බලකොටුව යැයි පැවසෙන ඊසානදිග නයිජීරියාවේ ග්වෝසා නගරය සම්පූර්ණයෙන්ම අත්පත් කර ගත් බව නයිජීරියා ආරක්ෂක අංශ පවසයි.
අසල්වැසි රටවල් කිහිපයකගේද සහය ඇතිව බෝකෝ හරාම් අන්තවාදීන් මර්දනය කිරීමේ මෙහෙයුමක නයිජීරියා ආරක්ෂක අංශ පසුගිය මාස කිහිපය මුළුලේම නියැළී සිටි අතර ග්වෝසා නගරය අත්පත් කර ගැනීමට ඔවුන් සමත්ව තිබෙන්නේ එහි ප‍්‍රතිඵලයක් ලෙසය.
මෙහෙයුමේදී අන්තවාදීන් කිහිපදෙනෙකු මරණයට පත්වූ බවත් සියගණනක් දෙනා අත්අඩංගුවට ගත් බවත් නයිජීරියාවේ හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා වන මේජර් ජෙනරාල් කි‍්‍රස් ඔලූකොල්ඬේ පැවසීය.මේ දක්වා නයිජීරියා ආරක්ෂක අංශ බෝකෝ හරාම් අන්තවාදීන්ට එල්ල කළ ප‍්‍රහාර අතරින් වඩාත්ම සාර්ථක ප‍්‍රහාරය වූයේ මෙය යැයි ඔහු හදුන්වාදුනි.
නයිජීරියාවේ කි‍්‍රයාත්මක අංක එකේ අන්තවාදී සංවිධානය වන බෝකෝ හරාම් පුද්ගලයින් පැහැර ගැනීම්,වද හිංසා සිදුකිරීම්,දේපළ විනාශ කිරීම් හා මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කිරීම් ආදිය සම්බන්ධයෙන් නම් දරා සිටින්නකි.පසුගිය මස බෝකෝ හරාම් නායක අබුබකාර් ෂෙකවු නිවේදනය කර සිටියේ තම සංවිධානය අයිඑස් අන්තවාදීන් හා අත්වැල් බැදගන්නා බවය.අයිඑස් අන්තවාදීන්ගේ ඉස්ලාමික කැලිපේටය පිහිටුවීමට තම සංවිධානයද සහය දක්වන බව ඔහු කීවේය.
බෝකෝ හරාම් සංවිධානය ආරම්භයේදීම මර්දනය කිරීමට නයිජීරියා ආරක්ෂක අංශ වලට හැකියාව තිබුණද ඔවුන්ගේ ඇල්මැරුණු පිළිවෙත නිසා සිදුවූයේ අන්තවාදීන් මනාව සංවිධානය වීමයි.අවසානයේ නයිජීරියා ආරක්ෂක අංශ වල ඇස් ඇරී අන්තවාදීන් හා සටනට ගියද ඒ වන විට ප‍්‍රමාද වැඩිවූ අතර අන්තර්ජාතික තලයේ සහය ලබාගැනීමට නයිජීරියාවට සිදුවූයේ ඉන් අනතුරුවය.
ග්වෝසා නගරය අත්පත් කරගත් බව පැවසුනද බෝකෝ හරාම් අන්තවාදීන් කදවුරු බැද සිටින සැම්බිසා වනාන්තරයේ සිදුවන හමුදා මෙහෙයුම් වල සාර්ථක අසාර්ථක භාවය ගැන කිසිදු සදහනක් මෙතෙක් කෙරී නොමැත.ආරක්ෂක විශේෂඥයින් පෙන්වා දෙන්නේ බොකෝ හරාම් අන්තවාදීන්ට ප‍්‍රබල පහරක් එල්ල කිරීමට නම් සැම්බිසා වනාන්තරයේ ඇති ඔවුන්ගේ කදවුරු විනාශ කළ යුතුව ඇති බවය.නොඑසේනම් ආරක්ෂක අංශ කෙතරම් ප‍්‍රහාර එල්ල කළද නැවත වතාවක් සංවිධානය වීමේ හැකියාව බෝකෝ හරාම් අන්තවාදීන්ට ඇති බව ඔවුන් කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම යමුකෝ! (නි)