IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ත්‍ර‍ස්ත ප්‍ර‍හාරයේ උණුසුම සමුළුවේ උණුසුම වැඩිකරයි

ත්‍ර‍ස්තවාදී ප්‍ර‍හාරයක උණුසුම මැකී යන්නටත් පෙර ගෝලීය උණුසම පිළිබද සාකච්ඡා කිරීමට නියමිත එක්සත් ජාතින්ගේ දේශගුණික විපර්යාස සමුළුව ප්‍ර‍ංශයේ පැවැත්වීම ගැන සමස්ථ ලෝකයේම අවධානය යොමුව පවතී.

මෙම සමුළුවට සහභාගී වීම සදහා ලෝකයේ රටවල් 150ක පමණ නායකයින් ප්‍ර‍ංශයේ පැරිස් නුවරට පැමිණ සිටීයි. පරිසරයට කාබන් නිදහස් කිරීම සීමා කිරීම සම්බන්ධව දීර්ඝ කාලීන ප්‍රයත්නයකට සැලසුම් සකස් කිරීම‍ COP 21 ලෙස නම් කර ඇති මෙම සමුළුවේ ප්‍රධාන අරමුණයි.

දෙසැම්බර් 11දක්වා පැවැත්වෙන සමුළුවට 40,000ක පමණ ජනතාවක් සහභාගී වෙතැයි අපේක්ෂා කෙරේ. ඇමරිකානු ජනපති බැරක් ඔබාමා, චීන ජනපති ෂී ජිංපින්ග් වැනි නායකයින්ද සහභාගීවන බැවින් පැරිස් නුවර ආරක්ෂාව දැඩි කර ඇත.

විචාරකයින් පවසන්නේ පසුගියදා ප්‍ර‍ංශයට එල්ලවූ ත්‍ර‍ස්ත ප්‍ර‍හාර වල උණුසුම තවමත් මැකීගොස් නොමැති බැවින් මෙම සමුළුවේ සාර්ථකත්වයට සම්බන්ධව එය බලපානු ඇති බවයි.

ත්‍ර‍ස්තවාදි ප්‍ර‍හාරයෙන් පසු ප්‍ර‍ංශ දේශසීමා ආරක්ෂාව තරකර ඒවායේ පාලනයක් ද පනවා ඇත. විශේෂ පොලිස් කණ්ඩායම් 8000ක් සෝදිසි කටයුතු සිදුකරනු ලබයි. මේ වනවිට පොලිස් හා හමුදා බලමුළුවලට 120,000ක් පමණ ප්‍ර‍ංශය පුරා ස්ථාන ගත කැර සිටිති. ඇතැම් ප්‍ර‍ධාන මාර්ග පවා දින දෙකක කාලයක් වසා දමා ඇත.



අදහස් (0)

ත්‍ර‍ස්ත ප්‍ර‍හාරයේ උණුසුම සමුළුවේ උණුසුම වැඩිකරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 512 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site