IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ත්‍රස්ත චෝදනාවට අත්අඩංගුවට ගත් තරුණයාට ඇප නෑ

( තිළිණි ද සිල්වා )
 
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර විශ්ව විද්‍යාලයක සේවය කරමින් සිටියදි  ත්‍රස්ත චෝදනා මත එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික තරුණයාට ඇපදීම එරට අධිකරණය ප්‍රතික්ෂේප කර ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.
 
ත්‍රස්ත පනතට අදාළ වැරදි සම්බන්ධයෙන් මෙම ශ්‍රී ලාංකික තරුණයාට එරෙහිව චෝදනා ගොනුකර ඇති අතර එබැවින් ඔහුව ඇප මත මුදා හැරීම මෙලෙස එරට අධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.
 
මෙලෙස අත්අඩංගුවට සිටින  25 හැවිරිදි මොහොමඩ් නිසාම්දීන් නැමැති තරුණයා සතුව ත්‍රස්ත ප්‍රහාර සඳහා සැලසුම් ඇතුළත් බවට සැකකෙරෙන ලිපිගොනු ඔහු ළග තිබියදී සොයාගෙන ඇති බව ඔස්ට්‍රේලියාවේ ද ගාඩියන් වෙබ් අඩවිය වාර්තා කර තිබුණි.
 
අධ්‍යාපන වීසා මත ඔස්ට්‍රේලියාවේ රැඳ සිටින මෙම ශ්‍රී ලාංකික තරුණයා ත්‍රස්තවාදි කටයුතු සම්බන්ධ චෝදනාව යටතේ එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 30 වැනි දා ය.
 
නිව් සවුත්වෙල්ස් විශ්වවිද්‍යාලයේ කොන්ත්‍රාත් පදනම මත සේවය කර ඇති ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ සේවකයෙකුගෙන්ම ලැබුණු තොරතුරක් මතය.
 
සිඩ්නි නගරයේ වැදගත් ස්ථාන කිහිපයක් පිළිබඳ ප්‍රහාර එල්ල කිරිම සඳහා වන සැලසුම් සහිත සටහන් ඔහුගේ දින පොත් කිහිපයක තිබුණද, සැකකරු ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී නොමැති බව එරට පොලීසිය පැවසීය.
 
ඒ අනුව විශේෂ වරෙන්තුවක් මත පසු ගිය 31වනදා අලුයම මෙම තරුණයා රැඳ සිටි ස්ථානය සොදිසි කිරීමේදි  විද්‍යුත් උපාංග කිහිපයක්ද ඕස්ට්‍රේලියානු පොලිස් භාරයට ගෙන තිබේ.
 
මොහු දේශපාලනඥයකුගේ ඥාති පුතෙකු බවද හෙළි වි ඇත.
 



අදහස් (2)

ත්‍රස්ත චෝදනාවට අත්අඩංගුවට ගත් තරුණයාට ඇප නෑ

Bamunuarachchi Monday, 03 September 2018 02:41 PM

අනේ ඕවා කතා කරන්න එපා ඕවා ජාතිවාදය.. ඒ ගොල්ලෝ ත්‍රස්තවැඩ කරන්නේ නැත.. ඕස්ට්‍රේලියන් කාරයින්ට වැරදිලා.

:       50       79

nuwan Tuesday, 04 September 2018 05:34 AM

අනේ සංහිදියාව නාමයෙන් ඔය දරුවාව නිදහස් කරන්න ........ ඔය දරුවා හැදුවේ සාමයේ පණිවිඩය ලෝකෙට දෙන්න. සාමයේ ආගමේ දරුවෝ මිනි මරන්නේ නැහැ.

:       53       87

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 773 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site