( තිළිණි ද සිල්වා )
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර විශ්ව විද්‍යාලයක සේවය කරමින් සිටියදි ත්‍රස්ත චෝදනා මත එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික තරුණයාට ඇපදීම එරට අධිකරණය ප්‍රතික්ෂේප කර ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.
ත්‍රස්ත පනතට අදාළ වැරදි සම්බන්ධයෙන් මෙම ශ්‍රී ලාංකික තරුණයාට එරෙහිව චෝදනා ගොනුකර ඇති අතර එබැවින් ඔහුව ඇප මත මුදා හැරීම මෙලෙස එරට අධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.
මෙලෙස අත්අඩංගුවට සිටින 25 හැවිරිදි මොහොමඩ් නිසාම්දීන් නැමැති තරුණයා සතුව ත්‍රස්ත ප්‍රහාර සඳහා සැලසුම් ඇතුළත් බවට සැකකෙරෙන ලිපිගොනු ඔහු ළග තිබියදී සොයාගෙන ඇති බව ඔස්ට්‍රේලියාවේ ද ගාඩියන් වෙබ් අඩවිය වාර්තා කර තිබුණි.
අධ්‍යාපන වීසා මත ඔස්ට්‍රේලියාවේ රැඳ සිටින මෙම ශ්‍රී ලාංකික තරුණයා ත්‍රස්තවාදි කටයුතු සම්බන්ධ චෝදනාව යටතේ එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 30 වැනි දා ය.
නිව් සවුත්වෙල්ස් විශ්වවිද්‍යාලයේ කොන්ත්‍රාත් පදනම මත සේවය කර ඇති ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ සේවකයෙකුගෙන්ම ලැබුණු තොරතුරක් මතය.
සිඩ්නි නගරයේ වැදගත් ස්ථාන කිහිපයක් පිළිබඳ ප්‍රහාර එල්ල කිරිම සඳහා වන සැලසුම් සහිත සටහන් ඔහුගේ දින පොත් කිහිපයක තිබුණද, සැකකරු ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී නොමැති බව එරට පොලීසිය පැවසීය.
ඒ අනුව විශේෂ වරෙන්තුවක් මත පසු ගිය 31වනදා අලුයම මෙම තරුණයා රැඳ සිටි ස්ථානය සොදිසි කිරීමේදි විද්‍යුත් උපාංග කිහිපයක්ද ඕස්ට්‍රේලියානු පොලිස් භාරයට ගෙන තිබේ.
මොහු දේශපාලනඥයකුගේ ඥාති පුතෙකු බවද හෙළි වි ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඕවා කතා කරන්න එපා ඕවා ජාතිවාදය.. ඒ ගොල්ලෝ ත්‍රස්තවැඩ කරන්නේ නැත.. ඕස්ට්‍රේලියන් කාරයින්ට වැරදිලා.
අනේ සංහිදියාව නාමයෙන් ඔය දරුවාව නිදහස් කරන්න ........ ඔය දරුවා හැදුවේ සාමයේ පණිවිඩය ලෝකෙට දෙන්න. සාමයේ ආගමේ දරුවෝ මිනි මරන්නේ නැහැ.