අයිඑස් සංවිධානයට එක්වීමට පැමිණියේයැයි සැකපිට වැඩිහිටියන් 8 දෙනෙකු හා කුඩා දරුවන් 4 දෙනෙකුගෙන් සමන්විත පවුලක්ම අත්අඩංගුවට ගත් බව තුර්කි බළධරයෝ කියති.
බි‍්‍රතාන්‍යය ජාතිකයින් වන මෙම කණ්ඩායම තුර්කියේ සිට සිරියාවට ඇතුළුවීමට උත්සාහ කර ඇතැයි පැවසෙන අතර සිරියාව යනු අයිඑස් සංවිධානයේ ප‍්‍රධානම බලකොටුවයි.
සිරියාවේ සංචාරය කිරීමට මේ දිනවල කිසිදු සංචාරකයෙකුට වුවමනාවක් නොතිබිය යුතුව තිබියදී මෙම කණ්ඩායම කුඩා දරුවන්ද ඇතුළුව එරටට ඇතුළුවීමට තැත් කිරීමෙන් පැහැදිලි වන්නේ ඔවුන් අයිඑස් සංවිධානය හා එක්වීමට සැළසුම් කර තිබුණු බව යැයි තුර්කි බළධරයින්ගේ අදහසයි.
මෙම කණ්ඩායමට නායකත්වය දී තිබෙන්නේ 21 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහුගේ පියා බි‍්‍රතාන්‍යයේ ප‍්‍රාදේශීය මන්තී‍්‍රවරයෙකු බව මේ වන විට අනාවරණයව තිබේ.
තම පුතණුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විමතිය පළකර ඇති ඔහු තම පුතණුවන් හා අනෙක් පවුලේ සාමාජිකයින් තුර්කිය බලා ගියේ නිවාඩුවක් ගතකිරීමට බවත් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇයිදැයි තමන්ට පැහැදිලි නොමැති බවත් කියා තිබේ.කෙසේ වුවත් තම පුතණුවන් යැයි කියා ත‍්‍රස්තවාදයට අනුබල දී ඇත්නම් කිසිදු සමාවක් නොදිය යුතු බවද ඔහු අවධාරණය කර ඇත.
තුර්කි මාධ්‍ය නිකුත් කර තිබූ ඡායාරූප වල මෙම තරුණයා සිනහමුසු මුහුණින් යුතුව තම කණ්ඩායමේ සාමාජිකයින් ආරක්ෂක රථ වෙත කැදවාගෙන යන අයුරු සටහන්ව තිබුණි.කණ්ඩායමේ කාන්තාවෝ සිටියේ මුහුණු ආවරණය කරගෙන සිටියහ.ඔවුන් සියලූදෙනා බූට් සපත්තු පැළදගෙන සිටි අතර එයට වැඩි ඉඩක් ලබාදී තිබුණු තුර්කි මාධ්‍ය වාර්තා වල සදහන් වූයේ මොවුන් බූට් සපත්තු පැළද ඇත්තේ තුර්කියේ සිට සිරියාව බලා යන ගමනේ පහසුවට බවය.
කණ්ඩායම බි‍්‍රතාන්‍යය බලා පිටත් කර එවීමට තුර්කි බළධරයින් කටයුතු කර ඇති අතර ඔවුන් පැමිණි පසු මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කෙරෙනු ඇත.
වාර්තාවන ආකාරයට 25000 ක පමණ විදේශිකයින් පිරිසක් අයිඑස් සංවිධානයට බැදී සටන්වැද සිටී.තමතමන්ගේ රටවල සුවපහසු ජීවිත හැරදමා අන්තවාදී සංවිධානයක් හා එක්වීමට ඔවුන් මෙහෙයවන්නට තරම් අයිඑස් සංවිධානයේ ප‍්‍රචාරණය ප‍්‍රබල බව විශේෂඥයෝ පෙන්වා දෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රස්ත කියන නම ඇහෙනකොටත් මට නම් බයයි (නි)
කලකට ඉහත අපේ රටේත් තිබුණු ත්‍රස්ත භීෂණය මතකද? (නි)
සාමයේ ආගම අනුව වැඩ කරන්න ගිහින් වෙච්ච දේ!! (නදී)
ප්‍රචාරණයේ ප්‍රබලත්වය නිසා නෙමේ මේ මිනිස්සු සිරියාවට යන්නේ, මේ මිනිස්සුන්ට තියෙන්නේ එකම අන්තවාදී මානසිකත්වය නිසා යන්නේ (නදී)