ඉන්දියාවේ කල්කටා නුවර දුගී දුප්පතුන් වෙනුවෙන් තම ජීවිත කාලය කැපකළ රෝමානු කතෝලික පල්ලියේ තෙරේසා මව්තුමිය සැප්තැම්බර් 4 වැනිදා ශාන්තුවරයට පත් කරන බව ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වහන්සේ අද (15) නිවේදනය කළහ.
තෙරේසා මව්තුමිය 1979 වසරේදී නොබෙල් ත්‍යාගය දිනාගැනීමට ද සමත් වූවාය.
1910 වසරේ උපත ලැබූ තෙරේසා මව්තුමිය 1997 වසරේදී අභාවප්‍රාප්ත වූවාය. ඇය 2003 වසරේදී ශුද්ධවන්තභාවයට ඔසවා තැබූ අතර එය ශාන්තුවරයට පත් කිරීමේ පළමු පියවර ලෙස සැලකෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාදුරු රෝගීන් පවා අත පත ගාමින් දිළින්දන්ට කළ ඒ මහගු අති උතුම් සත් ක්‍රියාව මැදිහත් සිතින් බුද්ධිමතුන් පිළිගනිත්වා ! ගෞරව බහු මානයට පාත්‍ර වීම සිදුවිය යුතුමයි (බ)
මානසික රෝගීන් ලංකාවේ දැන් වැඩිවෙලා ,බණ භාවනා කරලා මනස නිරවුල් කරගන්න (කෞ)
භද්‍රානි ; ඔබගේ අදහසට මම එකඟයි, ලෝකයේ පැතිරිය යුත්තේ ජීවින් හිතවාදී, සමාජයට යහපත් දහම් තමයි. මම සඳහන් කළේ යටි අරමුණු ගැනයි. (බ)
හරකා සරණ බව අදහස් දැක්වීමෙන්ම පේනවා. (බ)
භාග්‍යවත් තෙරේසා මව්තුමිය ශුද්ධවරයට නම් කිරීම ගැන දෙවියන් වහන්සේට ප්‍රසංශා වේවා!!!!! ජාති ආගම් බේද ඇතිකරන්න එපා, සරණ වැනි මිනිස්සු අපේ රටේ ඕන තරම් ඉන්නවා, එතුමිය වැනි වීර කාන්තාවන් අප අතර තවත් බිහිවේවා. (බ)
මොනවා උනත් දුප්පත්කම ප්‍රවර්දනය කිරීම සහ නඩත්තු කිරීම නම් අනුමත කරන්න බැහැ. ඒක නිකන් මරලා, ඉඹිනවා වගේ සාපරාදී ක්‍රියාවක්.(හේ)
නම සරණ උනාට මනසින් අසරණ, මෙවැනි පුද්ගලයින්ට තෙරේසා මව් තුමියනී, අනුකම්පා අනුකම්පා කල මැනව. (ර)
ඇය ලෝකයට ආලෝකයක් (නි)
සහෝදර සහෝදරියනි, තෙරේසා මව්තුමිය හරිම අාදර්ශවත් කෙනෙක්. අපි එතුමිය වෙනුවෙන් දෙව්පියාණන්ට ප්‍රශංසා කරමු. (නි)
ශාන්ත වූ තෙරේසා මව්තුමියනි, මේ ලොව සිටින දුප්පතුනට පිහිටවුව මැනවි!
තෙරේසා මව්තුමිය දේවත්වයෙන් පිදුම් ලැබීමට තරම් පුණ්‍යවන්තියකි. දුප්පතුන් වෙනුවෙන් අතිවිශාල මෙහෙවරක් කළ උතුම් මව්තුමියකි. මෑණියනි, ඔබතුමිය සදාකල් දිනේවා...! (නි)
සරණ මෝඩයෙක් වගේ කතාකරන්න එපා, තෙරේසා මව්තුමිය කිසිම හින්දු, බෞද්ධ හෝ මුස්ලිම් ජාතිකයෙකුට ලබ්ධිය වෙනස් කරන්න පෙළඹිලා නෑ. එයා කළේ නිරයට යන මනුෂයන්න්ට අවසාන කාලයේ සුවසේ මැරෙන්න සලසපු එක විතරය්. (බ)
ඇයගේ කරුණාවන්ත ක්‍රියාවන් පාප තුමන්ලගේ ක්‍රියාවන්ට වැඩිය අති උතුම්. නමුත්, කිසිම අයෙකු ශාන්තුවරියක් කිරීම යනු බයිබලයට අනුව ක්‍රියා කිරීමක් නම් නොවේ. (බ)
තෙරේසා මව්තුමිය එයාගේ නිවසට භාරගත්තේ කිසිම රෝහලකට බාරගන්න බෑ කියපු අයෙක් විතරයි. (බ)
මොන ආගමත් එය අදහන අයට උතුම්. කාටත් තමන්‍ෙආගම තමන්ට වටිනව. කාගෙවත් ආගම් වලට නිගරු කරන්න එපා(කෞ)
සරණට , දෙව් සරණ අහිමි වෙන වගයි (බ)
කුමාර්, කවුද මෝඩයා කියලා ඔයාගේ පිළිතුරෙන්ම පේනවා. (නි)
ලෙඩදුකින් අසරණ වුණ, දුප්පත් මිනිසුන්ට සරණ වුණ, උතුම් මව්තුමියකට අපහාස කරන සරණ වැනි අසරණ වූ මිනිසුන් මැද ජීවත්වෙන්නට ලැබීමත් අවාසනාවකි. එතුමිය ළඟ ජාති බේදයක් තිබුනේ නැත. මනුෂ්‍යත්වයට පිහිටක් වුවා පමණි. මා අන්‍යාගමික වුණත් එතුමිය ළඟ තිබුන කරුණා ගුණ මහිමයට ගරු කරමි. (නි)
මෙවැනිවම දුගී ජනතාවගේ සේවයට කැපවුණු අප්‍රසිද්ධ අය කොපමණ ඉන්නවද? මෙයා සේවයට කැපවෙලා ක්‍රිස්තියානිය වපුරපු එකයි කළේ. සේවයත් එක්කම ව්‍යාප්තිය, සම - හරක්ට මේවා තේරෙන්න කල්යාවි. කෙසේ වෙතත් සේවය අගයකරමි (බ)
අන්ත අසරණ භාවයට පත්ව සිටි රෝගීන් දහස් ගණනකට මෙතුමිය පිළිසරණක් වුවා. සමාජයට යහපතක් වෙනවා නම්, කුමන දහමක් ව්‍යාප්ත වෙන එකෙත් කිසිදු ගැටළුවක් නැහැ. (ර)
අපේ අයට මොනවා කරත් වැරදිමයි හොයන්නේ. (අ)