වතිකානයේ අද (4) පැවැති උත්සවයකදී ශුද්ධෝත්තම පාප් වහන්සේ විසින් තෙරේසා මව්තුමිය ශාන්තුවරියක ලෙස නම් කරනු ලැබීය.

කාදිනල් ඇන්ජලෝ ආමටෝ තෙරේසා මව්තුමියගේ ජීවිතයේ තොරතුරු සාරාංශගතව වතිකානයේ පැවැත්වෙන උත්සවයේදී සභාවට ඉදිරිපත් කළේය.

ඉන්දියාවේ කල්කටා නගරයේ දුප්පත් වැසියන් වෙනුවෙන් ඇය කළ මෙහෙය උදෙසා මෙසේ ශාන්තුවර පදවියට පත් කර ඇතැයි කියති. තෙරේසා මව්තුමිය සමාජ සේවය කරමින් සිටියදී 1997 වසරේදී මෙලොවින් සමුගත්තාය.