තෙරේසා මවුතුමිය ශාන්තුවරියක තත්ත්වයට පත්කර ඇතැයි වතිකානුව නිවේදනය කරයි. ලාදුරු ඇතුළු රෝග හේතුවෙන් පීඩාවට පත්ව සිටි ජනතාවට සේවය කිරීමට තම සමස්ථ ජීවිත කාලයම කැප කළ තෙරේසා මවුතුමිය මොළයේ පිළිකා කිහිපයකින් පිඩා විඳි බ්‍රසීල ජාතිකයකු විශ්මය ජනක ලෙස සුවපත් කිළ බව තහවුරු වීමෙන් පසු ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් ඇය ශාන්තුවරියකගේ තත්ත්වයට උසස් කිරීම සදහ අනුමැතිය දෙන ලදී.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තෙරේසා මවුතුමිය ශාන්තුවරියක බවට පත්කිරීමේ උත්සවය 2016 සැප්තැම්බර් මාසයේ දී පැවැත්වෙනු ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ සමහර ශල්‍ය වෛද්‍යවරුන් රෝහලට පිටත්වීමට පෙර මෙතුමියගේ ඡායාරූපයට උපහාර දක්වා වැඳුම් පිඳුම් සිදුකර සේවාවට පිටවයන වැඩසටහනක් මම අල්ජසීරා රූපවාහිනියෙන් දැක තිබෙනවා. (නි)
මිනිස් ගුණ ධර්ම ආගමකට සිමා කළ නොහැකියි. එය විශ්වීයයි. තෙරේසා මව්තුමිය වැනි බෝසත් චරිත අමරණීයයි. ඔවුන් මිනිස්කමේ අර්ථය ලොවට පෙන්වා දුන්නා. අපි ද අනුගමනය කළ යුත්තේ එම මෙත්තා, කරුණා ගුණ ධර්මයි. (බ)
මෙවන් ආදර්ශවත් චරිත දැන් කාලේ සොයාගන්න බොහොම අමාරුයි (නි)
මෙතුමිය, නෙල්සන් මැන්ඩෙලා අපේ කාලයේ වීරයෝ, වීරවරියෝ... (නි)
හදවතින්ම සුබ පතනවා! (නි)
මේක නම් ඇත්තටම සතුටුදායක පුවතක් වුණා මට (නි)
කතෝලිකයෙකු හැටියට මට හරි ආඩම්බරයක් දැනෙනවා. විශ්වාසය, ගුණයහපත්කම, ආදරය ඔස්සේ මුළු ලොවක් දිනාගත්තා. (නි)
මට මේ ගැන දැනගන්නට ලැබුණු ගමන්ම දේව මෑණියන්ට ස්තුති කළා. (නි)