ප්‍රසිද්ධ තරුණියන්ගේ අන්තර්ජාල ගිණුම් වලට අනවසරෙන් ඇතුළු වී ඡායාරූප සොරකම් කළ ඇමෙරිකාවේ තරුණයෙකුට (36) පෙන්සිල්වේනියා අධිකරණය මාස 18ක සිර දඬුවමක් නියම කළේය.ඔහු 600 දෙනෙකුගේ අන්තර්ජාල ගිණුම් වල රහස් කේත ලබාගෙන ඇත.ඔහු අධිකරණයේදී වරද පිළිගත්තේය.
ඔහු ජීමේල් ගිණුම් 72ක් සහ ඇපල් අයි ක්ලවුඩ් ගිණුම් 50කට පමණ අනවසරයෙන් ඇතුළු වී ඇත.
ඔහු ජෙනිෆර් ලෝරන්ස් ගේ අඩනිරුවත් ඡායාරූප කිහිපයක් ලබාගෙන අන්තර්ජාලයට මුදා හැර ඇතැයි වාර්තා වේ.ගුගල් ආයතනයෙන් සහ ඇපල් සමාගමෙන් ලැබෙන ආකාරයට ඊ-මේල් පණිවිඩයක් ඇය වෙත යවා ඇයගේ පරිගණකයට සහ ජංගම දුරකථනයට ඇතුළු වී ඇති බව බලධාරීහු කියති.
ලොස් ඇන්ජලිස් අධිකරණය ඔහුට විරුද්ධව චෝදනා ගොනු කළ අතර පෙන්සිල්වේනියා අධිකරණය සිර දඬුවම නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd