IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


තරුණියගේ මරණයට එරෙහිව දහස් ගණනක් පාරට

නව යොවුන් තරුණියක ඉතාම බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කර මරණයට පත් කිරීමේ සිදුවීමකට විරෝධය දැක්වීමක් වශයෙන් ආර්ජන්ටිනාවේ වැඩ කරන කාන්තාවෝ දහස් ගණනක් වැඩ වර්ජනයක් දියත් කිරීමට සංවිධානය වෙමින් සිටිති.

ඝාතනයට ලක්ව ඇති තරුණිය ලූසියා පෙරේස් නම් වන අතර, වාර්තා වන පරිදි මෙම මස මුල දිනයක උදැෑසන ආර්ජන්ටිනාවේ මාර් ඩෙල් ප්ලාටා නගරයේ රෝහලක් වෙත ඇයව රැගෙන විත් තිබෙන මිනිසුන් දෙදෙනකු, ඇයව වෛද්‍යවරුන්ට භාරදී ඇත්තේ පමණ ඉක්මවා මත්කුඩු භාවිතා කිරීම නිසාදෝ සිහිවිසඥව සිටින බව පවසමිනි.

වෛද්‍යවරුන් ඇයට වහවහා ප‍්‍රතිකාර ලබාදී ඇතත් ඇය සුළු වේලාවකින් මරණයට පත්ව ඇත.ඇයට ඉහළ මාත‍්‍රා වලින් මත්කුඩු ලබාදී තිබෙන බවත්, ඉතාම දරුණු ලිංගික හිංසනයන්ට ඇය ලක්කර තිබෙන බවත්, අනාවරණයව තිබෙන්නේ පසුවය.

මෙයට විරෝධය දැක්වීමක් ලෙස ආර්ජන්ටිනාවේ වැඩකරන කාන්තාවන්ට මධ්‍යහන වන විටදී තම වැඩ නවතා සේවා ස්ථාන වලින් පිටතට පැමිණ, සාමකාමිී උද්ඝෝෂණයක නිරත වන ලෙස එරට සමාජ කි‍්‍රයාධරයින් ඉල්ලා තිබෙන අතර, එම ඉල්ලීම් වලට ඉතාම ඉහළ ප‍්‍රතිචාර ලැබී ඇත.

ලූසියාගේ සොහොයුරා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ තම සොහොයුරියගේ මරණය සම්බන්ධයෙන් ආර්ජන්ටිනාවේ මෙන්ම ලෝකයේ අවධානය යොමු කිරීමට මේ හැර අන් කළ හැකි කිසි දෙයක් නොමැති බවයි.සියල්ලෝ සැළකිලිමත් නොවුවහොත් හෙට දිනයේ තවත් ලූසියා කෙනෙකු මියයනු ඇති බවද ඔහු කීය.

සංඛ්‍යාලේඛන වලට අනුව ආර්ජන්ටිනාවේ සෑම පැය 36 කටම වරක් ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය නිසා කාන්තාවක මරණයට පත්වේ.

ලූසියාගේ මරණ පරීක්ෂණයට අනුව ඇයව ලිංගික අපයෝජනයට ලක්කර ඇත්තේ මරිජුවානා සහ කොකේන් යන මත්ද්‍රව්‍ය ඇයට ලබාදීමෙන් පසුය.ඇයව ලිංගික අපයෝජනයට ලක්කර ඝාතනය කළේ යැයි සැකපිට තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමටද එරට පොලිසිය සමත්ව ඇත.

 



අදහස් (0)

තරුණියගේ මරණයට එරෙහිව දහස් ගණනක් පාරට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 636 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2317 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site