IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


තීරණය එනතුරු 153 මුහුදු මැද

නැවත ශ්‍රී ලංකාව බලා පිටත් කර හරින්නේදැයි හෝ ඕස්ටේ්‍රලියාවට ගොඩබැසීමට ඉඩ දෙන්නේදැයි තීරණයක් ගන්නා තෙක් අනවරසයෙන් ඕස්ටේ්‍රලියාවට සංක්‍රමණය වීමට තැත් කළ ශී්‍රලංකා දෙමළ ජාතිකයින් 153 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඕස්ටේ්‍රලියා මුහුදේම රඳවා තැබීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

මෙම 153 දෙනාගෙන් යුත් කණ්ඩායම මේ වන විට ඕස්ට්‍රේලියා වෙරළාරක්ෂක හමුදාවන්ට අයත් නෞකාවක රැකවරණය සළසාගෙන සිටින්නෝය. ඔවුන් අතරින් 21 දෙනෙක් වයස අවුරුදු 16 ට අඩු දරුවන් බවත් වයස අවුරුදු 2 ක් පමණ වන දරුවන්ද සිටින බවත් සදහන්ය.

පෙර අවස්ථාවකදී ඕසට්‍රේලියා මුහුදේදී අත්අඩංගුවට පත්ව පසුව ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත මුහුදේදීම භාරදීමට කටයුතු කළ සංක්‍රමණිකයින් 41 දෙනා සේම මෙම 153 දෙනාද ශ්‍රී ලංකාව වෙත භාරදීමට ඕස්ට්‍රේලියා රජය කටයුතු කිරීමට සැරසුණද ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නේයැයි කියූ නීතිඥයින් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යෑම නිසා එම තීරණය වෙනස් කර ගැනීමට ඕස්ට්‍රේලියා රජයට සිදුවිය.

එම නීතිඥ පිරිස මුහුද මැදදී සංක්‍රමණිකයින් යළිත් ඔවුන්ගේ රටේම ආරක්ෂක අංශ වෙත භාරදීමේ ක්‍රියාවලියේ ඇති නීත්‍යානුකූල භාවය ගැන ප්‍රශ්න කරන්නෝය.ඔවුන් පවසන්නේ සංක්‍රමණිකයින් පිරිස ඕස්ට්‍රේලියා මුහුදු සීමාවෙන් මෙපිටට පැමිණ තිබුණු හෙයින් ඔවුන් එසේ මුහුද මැදදීම පිටමං කිරීමට ඕස්ට්‍රේලියාවට අයිතියක් නැති බවයි.

නමුත් ඔවුන්ට විරුද්ධ අදහස් පළ කළ ඕස්ට්‍රේලියා සොලිසිටර් ජෙනරාල් ජස්ටින් ග්ලීසන් පෙන්වා දුන්නේ සංක්‍රමණිකයින් පිරිස සොයාගන්නා විට ඔවුන් සිටියේ ඕස්ට්‍රේලියා මුහුදු සීමාවට එපිට බවයි.මෙනිසා ඔවුන්ව ඕස්ට්‍රේලියාවට නොගෙනම මුහුදේදීම ඔවුන් අයත් රටේ අදාළ අංශ වෙතම භාරදීමේ හැකියාව ඕස්ට්‍රේලියාවට තිඛෙන්නේයැයි හෙතෙම කීවේය.

ශ්‍රේෂ්ඨාධිකරණය ගනු ලබන තීරණය කුමක් වුවද එය ක්‍රියාත්මක කිරීමට පෙර සූදානම් වීම සදහා සංක්‍රමණිකයින්ට පැය 72 ක කාලයක් ලබා දෙන බව හෙතෙම නීතිඥවරු හමුවේ කියා සිටියේය.

ඕස්ට්‍රේලියා විදේශ කටයුතු ඇමතිනී ජූලී බිෂොප් මහත්මිය ඕස්ට්‍රේලියා රජය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැඛෙන තීරණය අනුව කටයුතු කරන බව කියා සිටියාය.කෙසේවුවත් අනවසර සංක්‍රමණිකයින් හා ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට ඕස්ට්‍රේලියාව කටයුතු කරන බව සියලූදෙනා සිහි තබාගත යුතුයැයි ඇය කීවාය.

ශ්‍රේෂ්ඨාධිකරණයට තීරණයකට එළෙඹීමට කොපමණ කාලයක් ගතවේදැයි නිශ්චිත සදහනක් නොමැත. ඒ දක්වා සංක්‍රමණික පිරිසට මුහුදේම සිටින්නට සිදුවනු ඇත.

අගමැති ටෝනි ඇබොට් මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් පළ කිරීමෙන් වැළකී සිටියේය. සංක්‍රමණිකයින් සියලූදෙනා යහපත් සෞඛ්‍යය තත්ත්වයෙන් පසුවන බව පමණක් ඔහු කීවේය.

මෙම සංක්‍රමණිකයින් පිරිස ඕස්ට්‍රේලියාව බලා පිටත්ව තිඛෙන්නේ ඉන්දියාවේ පොන්ඩිචෙරි වලින් බව අනාවරණයව තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ ඕස්ට්‍රේලියාවේ ශී්‍රලංකා තානාපති අද්මිරාල් තිසර සමරසිංහ මහතා ප්‍රකාශ කළේ සංක්‍රමණික පිරිස යළිත් භාරගැනීමේ කිසිදු වුවමනාවක් ශ්‍රී ලංකාවට නොමැති බවයි.



අදහස් (0)

තීරණය එනතුරු 153 මුහුදු මැද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site