IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


‘තරගකාරීත්වයක් තිබුණත් යුද මානසිකත්වයෙන් නොබැලිය යුතුයි‘

බීජිංහිදීය (රොයිටර්)

ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර තරගකාරීත්වය තිබිය යුතු නමුත් එකිනෙකා දෙස නිරවි යුද මානසිකත්වයෙන් නොබැලිය යුතු යැයි චීනයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය වැන්ග් යී පැවැසීය.

පසුගිය මාස කිහිපයක සිට ලෝක බලවතුන් දෙදෙනා අතර සබඳතා පිරිහෙමින් පවතී.  

දෙරට අතර පවතින වෙළෙඳ යුද්ධය සහ තවත් හේතු රැසක් එලෙස සබඳතා නරක අතට හැරීමට හේතු විය. ඇමෙරිකාව තායිවානයේ ස්වයං පාලනයට සහාය පළ කිරීම සහ චීනය රුසියාවෙන් ආයුද මිලදී ගැනීම දෙරට අතර සබඳතා පළුදු වීමට හේතු වූ අනෙක් ප්‍රධාන කරුණුය.

නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය අතරවාරයේදී  ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු රාජ්‍ය ලේකම් හෙන්රි කිසින්ජර් හමුවෙමින් චීන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා එම කරුණු සඳහන් කළේය.

රටවල් දෙක එකිනෙකාට අභියෝග කරගැනීමෙන් සිදු වන්නේ රටවල් දෙක පමණක් පරාජයට පත්වීම යැයි ද චීන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා කීවේය. 
“චීනයට සහ ඇමෙරිකාවට තරගකාරී වෙන්න පුළුවන්. එහෙත් එකිනෙකා දෙස නිරව යුද මානසිකත්වයෙන් නොබැලිය යුතු” යැයි වැන්ග් යී කීය. 

(055)



අදහස් (0)

‘තරගකාරීත්වයක් තිබුණත් යුද මානසිකත්වයෙන් නොබැලිය යුතුයි‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 773 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site