බීජිංහිදීය (රොයිටර්)

ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර තරගකාරීත්වය තිබිය යුතු නමුත් එකිනෙකා දෙස නිරවි යුද මානසිකත්වයෙන් නොබැලිය යුතු යැයි චීනයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය වැන්ග් යී පැවැසීය.

පසුගිය මාස කිහිපයක සිට ලෝක බලවතුන් දෙදෙනා අතර සබඳතා පිරිහෙමින් පවතී.  

දෙරට අතර පවතින වෙළෙඳ යුද්ධය සහ තවත් හේතු රැසක් එලෙස සබඳතා නරක අතට හැරීමට හේතු විය. ඇමෙරිකාව තායිවානයේ ස්වයං පාලනයට සහාය පළ කිරීම සහ චීනය රුසියාවෙන් ආයුද මිලදී ගැනීම දෙරට අතර සබඳතා පළුදු වීමට හේතු වූ අනෙක් ප්‍රධාන කරුණුය.

නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය අතරවාරයේදී  ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු රාජ්‍ය ලේකම් හෙන්රි කිසින්ජර් හමුවෙමින් චීන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා එම කරුණු සඳහන් කළේය.

රටවල් දෙක එකිනෙකාට අභියෝග කරගැනීමෙන් සිදු වන්නේ රටවල් දෙක පමණක් පරාජයට පත්වීම යැයි ද චීන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා කීවේය. 
“චීනයට සහ ඇමෙරිකාවට තරගකාරී වෙන්න පුළුවන්. එහෙත් එකිනෙකා දෙස නිරව යුද මානසිකත්වයෙන් නොබැලිය යුතු” යැයි වැන්ග් යී කීය. 

(055)