තුර්කියට හිතවත් සිරියානු සටන්කාමීන් ලිබියාවේ සිටින බව තුර්කි ජනාධිපති තායිප් රිසෙප් එර්දොවාන් අද (21) තහවුරු කළේය.
තුර්කි ජනාධිපතිවරයා මේ බව තහවුරු කළේ පළමු වරටය. තුර්කියෙන් පිටත්ව ගිය කණ්ඩායම් සමඟ තුර්කියට හිතවත් සිරියානු සටන්කාමීන් පුහුණුව ලබන බව ද හෙතෙම කීය.
‘‘තුර්කිය එහි සිටින්නේ පුහුණු බළකායක් සමඟයි. සිරියානු ජාතික හමුදාවේ අයද මෙහි සිටිනවා’’ යැයි තුර්කි ජනාධිපතිවරයා ඉස්තාන්බුල් නුවරදී මාධ්‍යවේදීන් හමුවේ පැවැසීය. සිරියානු ජාතික හමුදාව යනු සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රෙජීමයට එරෙහිව සටන් වදින කැරැලිකරුවන්ය. ඔවුන් නිදහස් සිරියානු හමුදාව (ෆ්‍රී සිරියන් ආමි) යනුවෙන් ද හඳුන්වයි.
මේ වනවිට ලිබියාවේ බල අරගලයක් පවතින අතර තුර්කිය පිළිගන්නේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත් ජාතික සම්මුති ආණ්ඩුවය (ජී.එන්.ඒ- ගවර්මන්ට් ඔෆ් නැෂනල් අකෝඩ්) ය. ලිබියාවේ ට්‍රිපෝලි අගනුවර කේන්ද්‍ර කරගනිමින් ජාතික සම්මුති ආණ්ඩුව ක්‍රියාත්මක වේ. ආණ්ඩුවේ හමුදා සහ හමුදා ජෙනරාල් කලීෆා හෆ්තාර්ගේ හමුදා අතර ගැටුම් පවතී.
තුර්කිය පසුගිය වසරේදී ද ලිබියාවේ ජාතික සම්මුති ආණ්ඩුවට සහාය දක්වමින් පිරිස් යැවූ අතර හමුදා ද යැවීය. තවත් රටවල් දෙකක් ද ජාතික සම්මුති ආණ්ඩුව සමඟ ගිවිසුම් අත්සන් කළේය.
කලීෆා හෆ්තාර්ගේ සටන්කාමීහු පසුගිය මාස කිහිපයේදී ජාතික සම්මුති ආණ්ඩුවේ සටන්කාමීන්ගේ ඉලක්ක වෙත ප්‍රහාර මාලාවක් එල්ල කළහ. ජෙනරාල් කලීෆා හෆ්තාර් නැගෙනහිර ලිබියාව කේන්ද්‍ර කරගනිමින් පාලන බලය ගෙන යන අතර ඔවුන්ට රුසියාව ඇතුළු තවත් රටවල් කිහිපයක සහාය හිමි වේ.
පසුගිය මාසයේදී දෙපාර්ශ්වය සටන් විරාමයකට එළැඹීමට එකඟතාව පළ කළ නමුත් වරින් වර සටන් විරාමය උල්ලංඝනය කෙරුණි. මේ අතරවාරයේදී ලිබියානු අර්බුදයට විසඳුම් සොයමින් ජීනිවා නුවරදී ද සාකච්ඡා පැවැත්විණි.
තමන් සටන් විරාමයකට එකඟ වන්නේ ලිබියාවේ සිටින තුර්කි සහ සිරියානු කුලීහේවායන් ඉවත් කරගත්තොත් පමණක් යැයි ද ජෙනරාල් හෆ්තාර් අද (21) පැවැසීය.
‘‘සිරියානු හා තුර්කි කුලීහේවායන් ඉවත් කරගන්න ඕනෑ. ඒක තමයි කොන්දේසිය. ඒ වගේම තුර්කිය ලිබියාවට ආයුධ එවන එක නවත්වන්න ඕනෑ. ත්‍රස්තවාදයට සහාය දීමත් නවත්වන්න ඕනෑ’’ යැයි ද හෙතෙම කීය.
ජෙනරාල් හෆ්තාර්ගේ චෝදනා ප්‍රතික්ෂේප කළ තුර්කි ජනාධිපති එර්දොවාන් රුසියාව, ලිබියාවට කුලීහේවායන් 2,500ක් එවා ඇතැයි චෝදනා කළේය. පෞද්ගලික ආරක්ෂක සමාගමක් හරහා රුසියාව එලෙස කුලී හේවායන් එවා ඇතැයි ද තුර්කි ජනාධිපතිවරයා චෝදනා කළ නමුත් රුසියාව එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.
‘‘ත්‍රස්තවාදීන් 15,000ක් පමණ’’ හෆ්තාර් සමඟ සටන් වදින බවට ද තුර්කි ජනාධිපතිවරයා චෝදනා කළේය. ජෙනරාල් හෆ්තාර්ට සෞදි අරාබියේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහාය ද හිමි වේ.
සුඩාන ජාතික සටන්කාමීන් ද ජෙනරාල් හෆ්තාර්ට සහාය දෙන බවට තුර්කි ජනාධිපතිවරයා ප්‍රකාශ කළ නමුත් එය තහවුරු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නැතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මණ්ඩලයක් පසුගිය මාසයේදී ප්‍රකාශ කළේය.
ඒ.එෆ්.පී.
055
2025 නොවැම්බර් මස 04
747
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2403
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1757
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘‘තුර්කියට හිතවත් සිරියානු සටන්කාමීන් ලිබියාවේ ඉන්නවා‘‘