
ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප්තුමා, පාප් ධුරයට පත්වීමෙන් පසු සිය පළමු නිල සංචාරය ආරම්භ කරමින්, තුර්කියේ ඉස්තාන්බුල් නුවරට පැමිණියේය. තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් ප්‍රමුඛ රජයෙන් පාප්තුමන්ට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.
තුර්කිය මුස්ලිම් රාජ්‍යයකි. තුර්කි ජනගහනයෙන් මිලියන 85 ක් සුන්නි මුස්ලිම්ය. තුර්කියේ සමස්ත ජනගහනයෙන් ක්‍රිස්තියානුවන් සිටින්නේ සියයට 0.4 කි.
පාප්තුමන්, සිය නිල ගුවන් යානයෙන්, වතිකානයේ සිට තුර්කියේ අන්කාරා අගනුවර එසෙන්බෝගා ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේදී එතුමන් පිළිගැනීම සිදු වූයේ හමුදා ගෞරව මධ්‍යයේය. තුර්කි සංස්කෘතික හා සංචාරක අමාත්‍ය මෙහෙමෙට් නූරි අර්සෝයි සහ තුර්කි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ තුර්කි මුස්ලිම් ආගමික නායකයෝ ගුවන්තොටුපොළට පැමිණ සිටියහ.
තුර්කි ජනාධිපති එර්දොවාන් සහ පාප්තුමන් අතරේ හමුව පැවැත්වූයේ ඉන්පසුවය. රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් මෙහිදී දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්විණි.
රුසියන් යුක්රේන යුද්ධයේදීත්, ඊශ්‍රායල ගාසා අර්බුදයේදීත් එම අර්බුද සාමකාමීව විසඳීමට තුර්කිය මැදිහත් වී සිටී. තුර්කිය බටහිරට අයත් නොවන, එකම නේටෝ සාමාජික රාජ්‍යය ද වෙයි.
රුසියන් යුක්රේන යුද්ධය විසඳීමටත්, ඊශ්‍රායල ගාසා අර්බුදය විසඳීමටත් මැදිහත් වීම සම්බන්ධයෙන් තුර්කි ජනාධිපති ඒර්දොවාන්ට ප්‍රසංශා කිරීමට ලියෝ පාප්තුමන් අමතක කළේ නැත. තුර්කි සංචාරයෙන් පසු පාප්තුමා ලෙබනනය බලා පිටත් වී ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd