
දැඩි වියලි කාලගුණය හේතුවෙන්, තුර්කියේ ළැව් ගිනි ව්‍යාප්ත වෙමින් පවතී. ළැව් ගිනි ව්‍යාප්ත වෙමින් පවතින්නේ, මධ්‍යම එස්කිසෙහීර් පළාතේය. ළැව් ගිනිවලට හසුවීමෙන් මියගිය ගණන 10 කි.
ළැව් ගිනිවලට කොටු වී සිටි තුර්කි වැසියන් 24 දෙනකු බේරා ගැනීමට ගිනි නිවන භටයෝ සමත් වූහ. ළැව් ගිනි පාලනය කිරීම අසීරු වී ඇත්තේ, වියලි සුළං හේතුවෙන් යැයි තුර්කි කෘෂිකර්ම සහ වනජීවී කටයුතු පිළිබඳ අමාත්‍ය ඊබ්‍රාහිම් යුමාක්ලි පවසා ඇත.
ළැව් ගිනිවනට හසුවී තුවාල වූ ගිනි නිවන භටයන් සහ වනජීවී නිලධාරීන් කීප දෙනකු රෝහල්ගත කළ බව ද අමාත්‍ය ඊබ්‍රාහිම් යුමාක්ලි වැඩි දුරටත් පවසා ඇත.
ළැව් ගිනි ව්‍යාප්තියත් සමඟ දහස් ගණනක් දෙනා ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණු බව ද වාර්තා වේ. ළැව් ගිනි සම්බන්ධයෙන් තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සිය එක්ස් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ කනස්සල්ල පළ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd