අන්කාරාහිදීය (රොයිටර්)
 
තුර්කිය ගොඩබිම සිට ගුවනට විදිය හැකි එස් 400 වර්ගය මිසයිල මිලදී ගැනීම සඳහා රුසියාව සමඟ ගිවිසුමකට අත්සන් තබා ඇතැයි වාර්තා වේ.
 
සී.එන්.එන් ටර්ක් සහ තවත් පුවත් සේවා කිහිපයක් මේ පිළිබඳ තොරතුරු වාර්තා කර තිබේ. මෙම ගිවිසුම සාර්ථක කර ගැනීම සඳහා රටවල් දෙකම වසරකට වැඩි කාලයක් සාකච්ඡා පැවැත්වීය. 
 
මෙම ගිවිසුමේ සම්පූර්ණ වටිනාකම රුපියල් බිලියන 2.5ක් බව පැවසේ. රුසියාව සහ තුර්කිය අතර අත්සන් තබන ලද මෙ ගිවිසුම බටහිර රටවල වැඩි අවධානයකට ලක්ව තිබේ.  
 
තුර්කිය උතුරු අන්ලාන්තික් සම්මුති සංවිධානයේ (නේටෝ) සාමාජික රටක් ද වේ. මෙම ගිවිසුම සම්බන්ධ කිසිදු තොරතුරක් මාධ්‍යයට අනාවරණය කර නොතිබුණු අතර බලධාරීන්ගෙන් මේ සම්බන්ධයෙන් කරන ලද විමසීම්වලට කිසිදු ප්‍රතිචාරයක් නොලැබිණි. 
 
කෙසේ නමුත් තුර්කියට 2020 වසරේ මාර්තු මාසය වන විට පළමු තොරගය ලැබෙන ඇතැයි රුසියානු ආරංචි මාර්ග සඳහන් කළේය. එමෙන්ම උසස් තාක්ෂණයෙන් යුතු එස් 400 වර්ගයේ මිසයිල පද්ධතියක් මිලදී ගැනීමට කටයුතු කළ පළමු නේටෝ සාමාජික රට වනු ඇත්තේ ද තුර්කියයි. 
 
ගිවිසුමේ සමස්ත වටිනාකමෙන් සියයට 45ක මුදලක් තුර්කිය රුසියාව මුලින් ගෙවනු ඇතැයි ද ඉතිරි සියයට 55ක මුදල ගෙවීම සඳහා රුසියාව ණය පහසුකම් ලබාදීමට කටයුතු කර ඇතැයි ද ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.
 
(055)