තුර්කිය විසින් රුසියා යුද යානයක් සිරියා දේශසීමාවේදී වෙඩි තබා බිම හෙළා ඇතැයි බීබීසී පුවත් සේවය කියයි.

රුසියා ඉන්ටෆේස් පුවත් ඒජන්සිය වාර්තා කරන්නේ එස්යූ 24 යානය එසේ දකුණු සිරියාවේදී වෙඩි තබා බිම හෙළා ඇතැයි රුසියා ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරන බවයි. එම අවස්ථාවේදී ගුවන් යානයේ සිටි නියමුවන් දෙදෙනා යානයෙන් ඉවතට පැන ඇතැයි කියති.

තුර්කි හමුදා නිලධාරීන් පවසන්නේ අනතුරු සංඥා නිකුත් කර තිබියදී තුර්කි ගුවන්පථයට බලෙන් ඇතුළුවූ රුසියා යානයට එෆ් 16 යානයෙන් ප්‍රහාර එල්ල කළ බවයි.

සිරියා ජනපති බෂාර් අල් අසාද්ගේ රජයට සහාය පිණිස රුසියාව පසුගිය සැප්තැම්බරයේ ගුවන් මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.

විදෙස් පුවත් සේවා පසුව අනාවරණය කර ඇත්තේ එක් නියමුවකු මියගොස් බිම වැටී ඇති බවයි.

_86843950_29407b39-4127-4a93-962d20151124-41cd34e41dfb _86845884_turkey_russia20151124_aircraftmap624 _86845886_a8a80ba4-3801-4730-8c2015112430-7444d86a6940 _86845888_0c7f07cd-4856-4450-bc2015112469-87a8fececbc8 _86845890_b24122e7-a066-41d620151124-8462-8d2e1fdbf4f7