තුර්කියේ සිදු වූ හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ වූ බව කියන 10000කගේ වැඩ තහනම් කළ බව තුර්කි මාධ්‍ය වාර්තා කරයි.මාධ්‍ය ආයතන 15ක් ද වසා දමා ඇති බවත් වාර්තා වෙයි.

තුර්කි ජනපති රෙසීප් තායිබ් එර්දොවාන් බලයෙන් පහ කිරීම සදහා පසුගිය ජූලි මස සිදු වූ හමදා කුමන්ත්‍රණය අසාර්ථක වූ අතර එයට සහය පල කළ 3000ක් පමණ අත්අඩංගුවට ගැනිණි.ලක්ෂයකට අධික පිරිසකගේ වැඩ තහනම් කැරිණි.මාධ්‍ය ආයතන 160ක් පමණ මේ වන විට වසා දමා ඇත.

කුමන්ත්‍රණය මෙහෙයවූ බව කියන තුරිකියෙන් පිටුවහල් කළ පසු ඇමෙරිකාවේ වෙසෙන තුර්කි ජාතික පෙතුල්ලා ගුලන් නම් පූජකවරයා සමග සම්බන්ධතා ඇති බව කියන මාධ්‍ය ආයතන 15ක් මෙලෙස වසා දැමීමට නියෝග කැරිණි.ඔහු සමග සම්බන්ධතා පැවැත්වූ බව කියන ගුවන් හමුදා නිලධාරීන් 75 දෙනකුද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.