තුර්කියේ නැගෙනහිර පෙදෙසේ එළාසිග් හි කාර් බෝම්බ දෙකක් පිපිරීමෙන් 6 දෙනකු මිය ගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි ද තුර්කි බලධාරීහු කියති.

එළාසිග් හි පොලිස් ස්ථානය අසල බෝම්බ ප්‍රහාරය සිදුව ඇති අතර මිය ගිය පිරිස අතර පොලිස් නිලධාරීන් තිදෙනකුද වෙති.

පොලිස් ස්ථානය අසල පිපුරුමට පැයකට පමණ පෙර වෑන් නගරයේ දී ද කාර් බෝම්බයක් පුපුරා ඇති අතර එහි සිටි ළමයකු ද මියගොස් ඇති බවත් 70කට අධික පිරිසක් තුවාල ලැබූ බවත් වාර්තාවේ.