සති දෙකක කාලයක් පාසල් වසා දමන බවත් අප්‍රේල් මාසයේ පැවැත්වෙන සියලු පාපන්දු තරග ප්‍රේක්ෂකයන්ට තහනම් කරන බවත් තුර්කිය අද (12) නිවේදනය කළේය.
තුර්කියෙන් පළමු කොරෝනා ආසාදිතයා පිළිබඳ තොරතුරු වාර්තා වීමත් සමඟ එරට බලධාරීහු අද එම පියවර ගත්හ.
තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්දොවාන්ගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ කැබිනට් හමුවක් ද පැවැත්වුණු අතර එය පැය හයකට ආසන්න කාලයක් පැවැති බව ද වාර්තා විය.
විශ්වවිද්‍යාලවලට සති තුනක නිවාඩු කාලයක් ප්‍රකාශයට පත් කරන බව ද ජනාධිපතිවරයාගේ ප්‍රකාශක ඊබ්‍රහීම් කලීන් පැවැසීය.
අප්‍රේල් මාසය අවසන් වනතෙක් පාපන්දු තරග මෙන්ම අනෙකුත් තරග ද ප්‍රේක්ෂකයන්ට තහනම් කිරීමට සෞදි අරාබිය පියවර ගෙන ඇත.
තුර්කි ජනාධිපතිවරයාගේ විදෙස් ගමන් ද කල් දමා ඇති අතර රාජ්‍ය නිලධාරීන් හා සේවකයන්ට විශේෂ අවසරයකින් තොරව විදෙස් ගත විය නොහැකි බව ද එරට බලධාරීහු කීහ.
තුර්කියෙන් පළමු වරට කොරෝනා ආසාදිතයකු වාර්තා වූයේ බදාදා ය. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට යහපත් තත්ත්වයේ පවතින බවත් ඔහු අඛණ්ඩ වෛද්‍ය නිරීක්ෂණය යටතේ පසුවන බවත් ඊබ්‍රහීම් කලීන් කීය.
ඒ.එෆ්.පී.
055
2025 නොවැම්බර් මස 04
742
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2400
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තුර්කියේ පාසල් වසා දමයි