IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


තුර්කි හමුදා ගුවන් යානයක් කඩා වැටී 20 ක් මරුට

අසර්බයිජානයේ සිට තුර්කිය බලා පියාසර කරමින් තිබූ, තුර්කි හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට පත් වී කඩා වැටුණි. 

යානයේ 20 දෙනකු සිටි බවත්, ඔවුන් සියලු දෙනා අනතුරින් ජීවිතක්ෂයට පත්වුණු බවත් පැවැසෙයි. යානය කඩා වැටුණේ එය අසර්බයිජාන ජෝර්ජියා දේශසීමාවට ඉහළින් පියාසර කරද්දීය. 

උඩු ගුවනේදී අනතුරට පත්වුණු යානය කැරැකි කැරැකී පහළට වැටෙන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් ද මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත. යානය කඩා වැටුණේ ජෝර්ජියාවට අයත් ප්‍රදේශයනටය.

කඩා වැටුණේ තුර්කි ගුවන් හමුදාවට අයත් ‘සී 130’ වර්ගයේ ගුවන් යානයක් බව පැවැසෙයි. යානයේ සිටි 20 දෙනා අතරේ, තුර්කි හමුදා නිලධාරීන් පමණක් නොව, අසර්බයිජාන හමුදා නිලධාරීන් ද සිට ඇතැයි පැවැසෙයි.

අනතුර සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී ඇති බවත්, විමර්ශන කණ්ඩායම් කීපයක් ජෝර්ජියාවට ගොස් ඇති බවත් තුර්කි විදේශ කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්විණි.

සිද්ධිය සැලවුණු සැණින් තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සහ ජෝර්ජියා අග්‍රාමාත්‍ය ඉරාක්ලී කොබක්සීඩේ අතරේත් සාකච්ඡා පැවැත්විණි.  

ගුවන් අනතුර සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරමින්, මියගිය සියලු දෙනා වෙනුවෙන් සොව පළ කිරීමට තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එරදෝවාන් මෙන්ම අසර්බයිජාන ජනාධිපති ඉල්හාම් අලියේව් ද කටයුතු කර ඇත. 



අදහස් (0)

තුර්කි හමුදා ගුවන් යානයක් කඩා වැටී 20 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 15 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 862 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2494 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site