තුර්කියේ නිරිතදිග එස්කිසෙයර්හි සරසවියක සිදුකළ වෙඩිතැබීමකින් ආචාර්යවරුන් සිව් දෙනකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. එම සරසවියේම පර්යේෂකයෙකු ලෙස සේවය කළ ප්‍රහාරකයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සරසවියේ උප පීඨාධිපති, ලේඛකාධිකාරී හා ආචාර්යවරුන් දෙදෙනකු මෙසේ ඝාතනය කර ඇත.
මෙම ඝාතනයන්හි අරමුණ පැහැදිලි නොවන නමුත් ප්‍රහාරකයා සිය කැමැත්තෙන්ම යටත් වූ බව පොලිසිය පවසයි.
ඝාතකයා ත්‍රස්තවාදී සංවිධානයක් සමඟ කටයුතු කිරීම සම්බන්දව පැමිණිලි ලැබී තිබුණු බවත් විමර්ෂණයක් පැවැත්වෙමින් තිබූ බවත් සඳහන් වේ.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd